ගාල්ල, උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති විශේෂ සම්මන්ත්‍රණය අමතා එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සිදුකළ කතාව • ලෝක බලවතා අවුරුදු 78 ක් වයස ට්‍රම්ප් මැතිතුමා ජනාධිපති ලෙස තෝරා පත්කර ගත්තා. එය ලංකාවට හොඳ ආදර්ශයක් • රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කිසිම ප්‍රශ්නයක් නැතිව තවත් වසර 12 ක් මේ රට පාලනය කළ හැකියි. මේ රට බංකොලොත් වුනාම, ඔබ පෝලිමට ගියාම, ඔබට යන එනමක් නැති වුනාම, ඔබ අතරමං වුනාම ඔබව නිදහස් කරගත්ත ඒ නායකයා තමයි 8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා.දැන් බලන්න ඊයේ තිබුනා ලෝක බලවතාගේ ඡන්දය. ඒ ඡන්දයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා ජනාධිපති වුනා. ලංකාවට ඒක හොඳ ආදර්ශයක්. ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයාගේ වයස අවුරුදු 78 යි. එතුමා ධුරයෙන් නික්ම යන්නේ අවුරුදු 82 දී. කමලා හැරිස්ගේ වයස අවුරුදු පනස් ගණනයි. ජනතාව පනස් ගානේ කෙනාව තෝරගත්තේ නැහැ. ලෝක බලවත් පුරවැසියා ලෙස තෝරගත්තේ වයස අවුරුදු 78 ක පුද්ගලයෙක්. එතුමාගේ කාල සීමාව ඉවර වෙනකොට වයස අවුරුදු 82 යි. ඉතින් මොකද්ද තියෙන ප්‍රශ්නය.දැන් අපේ 8 වන විධායක ජනාධිපතිතුමා, එතුමාට තව කිසිම ප්‍රශ්නයක් නැතිව වසර 12 ක් මේ රට බලාගන්න පුලුවන් බව මම මතක් කරන්න කැමතියි. සමහරු මගෙන් අහනවා මාධ්‍යයට ගියාම ඔබතුමා කිව්වනේ අවුරුදු 12 ක් රට කරන්න පුලුවන් කියලා.ඒව් ඉතින් දැන් මොකද වෙලා තියෙන්නෙ කියලා. අපේ කල්පනාවට වැඩිය කල්පනාව හොඳයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ. සමහර වෙලාවට මට අමතක වුනාම එතුමා මතක් කරනවා මට. ඒ නිසා අපි එකක් මතක තියාගන්න ඕන. මං එහෙම කිව්වේ මොකද? දැන් මේ පාර්ලිමේන්තුවට අලුත් කට්ටියක් ඕනලුනේ. හොඳ කොලප්පමක් බලාගන්න පුලුවන් 2025 වෙනකොට. ලංකා ඉතිහාසයේ මං හිතනවා මේ හදන්නෙ වැදගත් වැඩක්. මොකද්ද ? මේ රටේ වාමාංශික ව්‍යාපාරය සදහටම අතුගාන ව්‍යාපාරය තමයි ඒ කණ්ඩායම මේ කරන්නේ කියලා මං ඔබට මතක් කරන්න කැමතියි මිත්‍රවරුනි. මේ කණ්ඩායම තමයි මේ රටේ වම අවසන් කරන ව්‍යාපාරය. ඒක අපිට හොඳට පේනවා.මෙතැන අපේ හිටපු අග්‍රාමාත්‍යතුමා ඉන්නවා. එතුමාගේ පුතා ඉන්නවා. අපේ ජයන්ත මන්ත්‍රීතුමත් ඉන්නවා. මං කියන්න කැමතියි අපේ හිටපු අගමැතිතුමත්, අපේ රමේෂ් ඇමතිතුමත්, අපේ මනූෂ ඇමතිතුමත් මේ බංකොලොත් වෙච්ච රටේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙලා මේ ගාල්ල දිස්ත්‍රික්කයටත් විශාල හයියක් අපේ කැබිනට් ඇමතිතුමන්ලා දෙදෙනා හරහා ලබා දුන්නා.මෙච්චර බංකොලොත් රටේ මේ ආසන්නයෙම තිබෙන හෝලුවගොඩ තියෙන උයන රමේෂ් ඇමතිතුමා පටන් ගත්තා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදයෙන්. කරාපිටිය රෝහල, බංකොලොත් වෙච්ච රටේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ සහයෝගය අරගෙන දියුණු කරන්න පටන් ගත්තා. මහමෝදර රෝහලත් කරාපිටියට ගේන්න පටන් ගත්තා. වැඩ ගොඩක් කළා. අනික් පැත්තෙන් මනූෂ ඇමතිතුමා ගාල්ල දිස්ත්‍රික්කයටත්, ලංකාවටත් විශාල ආදායමක් හොයලා දෙමින් විශාල වැඩ කොටසක් කළා.ඒ නිසා ඔබට මම එකක් කියන්න කැමතියි. බංකොලොත් වුන රට අවුරුදු දෙකකදී නිදහස් කළේ ගොඩක් අමාරුවෙන්. දැන් මගේ අතේ තිබෙනවා දූෂන විරෝධී නීතිය. පනත නෙමෙයි නීතිය. කථානායකතුමා අත්සන් කරපු නීතිය. මේක ආසියාවේ තිබෙන බලසම්පන්නම පනත. මේ පනත ගෙනාවේ හිටපු ජනාධිපතුමා, අගමැතිතුමා සහ කැබිනට් මණ්ඩලය එකතුවෙලා. ආසියාවේ කිසිම රටක නෑ මේ වගේ නීතියක්.ඉතින් හොරු හොරු කිව්වට වැඩක් නෑ. ජනාධිපතිතුමා ඊයෙත් මං දැක්කා මතක් කරනවා. හොරු අල්ලන්න ඕන විදිය. බංකොලොත් වුන රට නැවත බංකොලොත් නොවෙන්න තව නීතියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැදුවා. ඒ තමයි ආර්ථික පරිවර්තන නීතිය. මේකත් කථානායකතුමා අත්සන් කරලා තියෙන්නේ. 2027 කොහේද ඉන්නේ ? 2028 කොහේද ඉන්නේ ? 2030 කොහේද ඉන්නේ ? කොහොමද මේ ණය ගෙවන්නේ ? මේ ඔක්කොම මේ පනතේ තියෙනවා. මේ පොතට විරුද්ධව ඒගොල්ලන් උසාවි ගියා. දැන් තියෙන්නේ අවලංගු කරන්න. ඇයි ඉතින් මේක හොඳ නෑනේ. මේක අවලංගු කරන්න ඕන. එතකොට ප්‍රශ්නය විසඳගන්න පුලුවන්. මගේ අතේ තියෙනවා තව නීතියක්. පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක්. නීතියක්. දේශපාලඥයන්ට මේ වගේ රැස්වීම්වල බොරු කියන්න බෑ හරි නම් මේ නීතිය අනුව. මේක හරියට ක්‍රියාත්මක කරගන්න බැරිවුනා. පත්තරවල දැම්මා මේකට අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් අවුරුදු 20 ක් පළපුරුද්ද තිබෙන. දෙපාරක් කැඳෙව්වා කවුරුවත් හිටියේ නෑ හරි සුදුස්සෙක්. තවම බැරිවුනා පත්කරගන්න.දැන් ඔබ ඇයි මේ ඉන්න දක්ෂ කණ්ඩායමට ඡන්දය දෙන්නේ ඕන? ඒ පාර්ලිමේන්තුව අතුගාන්න නෙමෙයි. ඒකට ඉන්නවා වෙනම කට්ටිය. ඒකට මේගොල්ලන්ව යවන්න එපා. මේගොල්ලන් යවන්න ඕන මෙන්න මේ පාර්ලිිමේන්තු අයවැය කාර්යාලයේ නීතියේ තිබෙන්නේ ආණඩුක්‍රම ව්‍යවස්ථාවෙව් 148, 149, 150, 151, 152. ඔබ යවන මහජන නියෝජිතයා යන්නේ පාර්ලිමේන්තුව සුද්ද කරන්න නෙමේ. මේගොල්ලන් යන්නේ මේ නීති පොත්ටික කියවලා මූල්‍ය පාලනය සිදුකරන්න. මේකෙ තියෙනවා, මේක බංකොලොත් වුන නිසා නැවත ඒක නොවෙන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 වෙනි වගන්තිය ආරක්ෂා වෙන්න. කවුද මේවා කළේ ? මේවා කළේ රනිල් වික්‍රමසිංහ අට වන විධායක ජනාධිපතිතුමා. වෙන කවුරුවත් නෙමෙයි. දැන් මේ පාරෙන් පිට පැන්නොත් සැප්තැම්බර් මාසය වෙනකොට ඔබතුමාට තනතුරු ඇතත් නැතත් මේ රට බාරගනෙ නිදහස් කරන්න වෙන්නෙ ඔබතුමාටම තමයි කියලා මං කියන්න කැමතියි.අපිට දක්ෂ අපේක්ෂක කණ්ඩායමක් ඉන්නවා. අපේ මිත්‍ර රමේෂ් පතිරණ ඇමතිතුමා ඉන්නවා. එතුමාගේ පියා, මම, අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා අපි ඔක්කොම එකට වැඩ කළා. ඒ වගේම අපේ මනූෂ නානායක්කාර මැතිතුමා ප්‍රධාන කණ්ඩායම, දක්ෂ කණ්ඩායමක්. මෙතන නෑ කවුරුවත් අතුගාන්න පිහිදාන්න, ඉඩ තියෙන වෙලාවට ඒවා කරයි.හැබැයි මේ කණ්ඩායම යන්නේ ඒ වැඩේට නෙමේ. මේ කණ්ඩායම යවන්න ඕනේ ඔබේ අනාගතය සුරක්ෂිත කරන්න. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම කල්පනාවෙන් වැඩ කරන්න.අවසාන වශයෙන් නැවතත් අපේ අට වන විධායක ජනාධිපතිතුමාට ජයවේවා කියලා ප්‍රකාශ කරමින් මේ රට අනාත වෙනකොට මේ රට වැටෙනකොට නැවතත් ඔබතුමාට බාරයි කියලා ප්‍රකාශ කරමින් සියලු දෙනාට යහපතක් වේවා කියලා මගේ කතාව අවසන් කරනවා. එක්සත් ජාතික පක්ෂ සභාපති,හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනමාධ්‍ය ඒකකය
























