Wednesday, July 29, 2026
HomeNEWSමධ්‍යම පාන්තිකයන්ට අඩු පොලියට නිවාස

මධ්‍යම පාන්තිකයන්ට අඩු පොලියට නිවාස

අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන ජනතාව සහ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස 7500ක් ඉදිකිරීමේ කාර්යය වහාම ආරම්භකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සම්බන්ධයෙන් එම අධිකාරියේ නිලධාරීන් සමග ඊයේ (14) පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා එම උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ඒ අනුව මේ මස අවසන්වීමට පෙර අදාළ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය එකඟතාව පළකර තිබේ.
  
අලුතින් ඉදිවන නිවාස 7500න් 4000ක් අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන්නන් නැවත පදිංචි කිරීම උදෙසා ඉදිකෙරෙන අතර නිවාස 3000ක් මධ්‍යම පාන්තිකයින් සඳහා වෙන් කිරීමට නියමිතය.

මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස ලබාදීමේ දී අවම මුලික ගෙවීමකින් නිවාස හිමිකම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී නිවාසලාභීන්ට වසර 30ක් දක්වා සියයට 6.25ක පොලී අනුපාත යටතේ නිවාස ලබාදීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගනී

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. අද (29) උදෑසන 11 පමණ...

ගොවි සංවිධානවල ඉල්ලීමට අනුව සාධාරණ සහතික වී මිලක් ලබා දී තිබෙනවා- ඇමති ලාල්කාන්ත

ගොවිජන ජීවිත නගාසිටුවීමට සහ ජාතික ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රජය කැපවී සිටිනවා– අනුරාධපුරයේ පැවැති විශේෂ ගොවි හමුවේදී කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත...

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහාසභා රැස්වීමක් අද (29) කොළඹදී

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ. එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසුවේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව වැඩි...

පුනරාවර්තන වියදම් අඩු කර ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට සැලසුම්-ජනපති

9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img