Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsමනාප ලැයිස්තුවේ ඉදිරියට ආ නවකයින්

මනාප ලැයිස්තුවේ ඉදිරියට ආ නවකයින්

2020 මහ මැතිවරණයේ මනාප ප්‍රතිඵලවලට අනුව කොළඹ , ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක රැසක පළමු තැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ නවක අපේක්ෂකයින්ට හිමිව තිබේ. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජක්ෂ මහතා මෙවර මහ මැතිවරණයේ දී ලක්ෂ පහ ඉක්මවා මනාප ලබා ගනිමින් වැඩිම මනාප හිමිකරගත් අපේක්ෂකයා බවට පත් විය. 

2020 මහ මැතිවරණයේ මන්ත්‍රීධුර 12 ක් හිමිකර ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය තහවුරු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත්තේ මනාප ඡන්ද 328,092 ක් හිමිකරගත් සරත් වීරසේකර මහතාය.

මනාප ඡන්ද 267,084 ක් හිමිකර ගනිමින් විමල් වීරවංශ මහතා දෙවන ස්ථානයට පත් හිමිකරගෙන ඇති අතර මනාප ඡන්ද 136,331ක් හිමිකර ගනිමින් උදය ගම්මන්පිල මහතා තුන්වන ස්ථානය හිමිකර ගත්තේය.

සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මනාප ඡන්ද 305,744 ක් හිමිකරගනිමින් පත්ව ඇති අතර එස්.එම්. මරික්කාර් මහතා මනාප ඡන්ද 96,916 ක්, මුජිබර් රහුමාන් මහතා මනාප ඡන්ද  87,589 ක් හිමිකරගෙන තිබේ.
       
ජාතික ජන බලවේගයට ද කොළඹ දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රීධුරයක් හිමි වූ අතර මනාප ඡන්ද 49,814 ක් ලබා ගත් අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img