Sunday, July 19, 2026
HomeNEWSLatest Newsමහින්ද අගමැති ලෙස දිවුරුම්දීම ඉරිදා

මහින්ද අගමැති ලෙස දිවුරුම්දීම ඉරිදා

මහින්ද රාජපක්ෂ මහතා එළැඹෙන ඉරිදා (09) උදෑසන අග්‍රාමාත්‍යධුරයේ යළි දිවුරුම්දීමට නියමිතය.

ලැබූ විශිෂ්ඨ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අද (07) නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම රට තුළ තහවුරු කළ හැකි යැයි මහ මැතිවරණය ජයගැනීමෙන් සනාථ වන බවය.

2020 මහ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පණිවුඩයක් නිකුත් කර තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද අති විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියලුදෙනාට තමාගේ සහ පක්ෂයේ ප්‍රණාමය පුද කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

කොවිඩ් වසංගතය හමුවේ ලෝකයම අකර්මණ්‍ය වී ඇති කාලයක පැවැත්වූ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කිරීමට ජනතාව ඉදිරිපත් වීම පිළිබඳව රටක් වශයෙන් සතුටට පත්විය යුතු බව එහි සඳහන් විය.

මේ අතර අග්‍රාමාත්‍යවරයා ලැබූ නව මැතිවරණ ජයග්‍රහණයට රටවල් රැසක රාජ්‍ය නායකයන් සුභාශිංසන පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img