Sunday, November 8, 2026
HomeNEWSමනුෂ්‍ය ඝාතන දෙකක්

මනුෂ්‍ය ඝාතන දෙකක්

එරාවුර් පොලිස් වසමේ සවුකඩේ ප්‍රදේශයේ සහ මීටියාගොඩ පොලිස් වසමේ මැදදුව ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී තිබේ.

එරාවුර් ප්‍රදේශයේ කාන්තාවකට ඇයගේ ස්වාමි පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර ඝාතනය සිදුකර ඇත.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, වයස අවුරුදු 36ක් වු සවුකඩේ ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

ස්වාමියා හා බිරිඳ අතර කලක සිට පැවති ආරවුලක් දුරදිග යෑමෙන් ඝාතනය සිදුව ඇතැයි පොලීසිය පවසයි.

ඝාතනය කළ සැකකරු මේ වනවිට එම ප්‍රදේශයෙන් පළා ගොස් තිබේ.

මේ අතර, මීටියාගොඩ මැදදුව, කුලීගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.

මීටියාගොඩ පොලීසියට ලද පැමිණිල්ලක් මත මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා සහ මරණකරු අසල්වාසීන් වන අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, මීටියාගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img