Thursday, July 2, 2026
HomeNEWSLatest Newsමම ශාසනයට වැඩ කරනකොට ආණ්ඩුව එක එක කල්ලි දාලා මඩ ගහනවා.ඒත් ඒ...

මම ශාසනයට වැඩ කරනකොට ආණ්ඩුව එක එක කල්ලි දාලා මඩ ගහනවා.ඒත් ඒ මඩ වලට අපේ ගමන ආපහු හරවන්න බෑ යැයි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මූතූර් වලදී(4)කීය.එහිදී ඒ මහතා මෙසේද කීය.

මම ශාසනයට වැඩ කරනකොට ආණ්ඩුව එක එක කල්ලි දාලා මඩ ගහනවා.ඒත් ඒ මඩ වලට අපේ ගමන ආපහු හරවන්න බෑ යැයි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මූතූර් වලදී(4)කීය.එහිදී ඒ මහතා මෙසේද කීය.

අපි දන්නවා මේ ප්‍රදේශයේ ජනතාව ජීවත් වෙන්නේ ධීවර කර්මාන්තය මුල්කරගෙන. මේ ප්‍රදේශවල ඒ ජනතාවට ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ ප්‍රශ්නවලට වහාම කඩිනම් පිළිතුරු ලබාදිය යුතුයි. මේ ධීවර තීරුව දියුණු කිරීමේ කටයුත්තට ප්‍රමුඛතාවය දෙන්න අපි  පැකිලෙන්නේ නැහැ.  ධීවර ජනතාව මුහුණ දෙන සියලු ගැටලු වලට උත්තර හොයන්න රජයක් ලෙස අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම වෙරළ තීරයේ ජීවත් වන ධීවර ප්‍රජාව ගේ විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් අපි අපේ උපරිම කැප කිරීම සිදු කරනවා.ඒ  එක්කම මුළු  රට පුරාම තිබෙන රැකියා ප්‍රශ්නයට උත්තර සෙවිය යුතුවෙනවා. උපාධිධාරීන්ට, උසස් පෙළ සමතුන්ට රැකියා ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළ අපි ආරම්භ කරනවා. ඒ විතරක් නෙවෙයි  දේශපාලන  පළිගැනීම්වලට ලක් වෙච්ච  සියලු දෙනාට සහන ලබා දීම සහ  ඔවුන්ට සාධාරණය ඉටු කිරීමේ වගකීම අපි බාර ගන්නවා . විශේෂයෙන්ම අපි අද මේ  ජන හමුව පවත්වන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් නව වී ගබඩා සංකීර්ණයක් ඉටු ඉදි කරලා, ඒ හරහා ගොවි ජනතාවගේ වී  අස්වැන්නට හොද මිලක් ලබා  ලබාදීමට අපි කටයුතු කරනවා.ඒ විතරක් නෙමේ වෙරළබඩ තීරයේ ත්‍රීකුනාමලයේ ලුණු ලේවායක් ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා.

  අපි මේ මැතිවරණය ජයග්‍රහණය කරන්නේ මේ රටේ ජීවත්වෙන සෑම ජන කොටසකටම එක හා සමාන   සතුටින් සමාදානයෙන් එවගේම ආත්ම අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න. අපි ඒ රට නිර්මාණය කරනවා.  

මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා උසස්  ශ්‍රේෂ්ඨ බෞද්ධයෙක්. එතුමා ඔය දැන් කාලේ ඉන්න සමහර බෝඩ් ලෑලි බෞද්ධයෝ වගේ නෙවෙයි.අද ඉන්න සමහර  කාඩ්බෝඩ් වීරයෝ තමයි ජාතිවාදය අවුස්සන්නේ. ආගම්වාදය අවුස්සන්නේ. ජාති භේද ඒ වගේම ආගම් භේද තුළින් බලය තහවුරු කරන්න උත්සාහ කරන්නේ.  මම කියන්න කැමතියි  රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තමයි දළදා හාමුදුරුවන්ට රන් වියනක් පූජා කලේ. මගේ පියාණන් තමයි ගගම්උදාවක් ගම් උදාවක් පාසා චෛත්‍යය නිර්මාණය කළේ. මගේ පියාණන් තමයි මාළිගාවල ගරා වැටිලා තිබුන බුද්ධ ප්‍රතිමාව විශ්මයජනක විදිහට නැවත ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කළේ . ඒ විතරක් නෙවෙයි, මගේ පියාණන් තමයි බුද්ධශාසන අමාත්‍යාංශය ආරම්භ කළේ.  අපිත් එහෙමයි. පහුගිය කාලේ සොළොස්මස්ථානය, අටමස්ථානය දීඝවාපිය, ඇතුලු විහාරස්ථාන ගොඩ නැංවීම වෙනුවෙන් කටයුතු කළා.ඒවා ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන්, දියුණු කිරීම වෙනුවෙන් කැප වුණා. ඇප වුණා.  ඒ විතරක් නෙවේ, තවත් විහාරස්ථාන ගොඩනැඟුවා. දහම් පාසල් ශක්තිමත් කිරීම වෙනුවෙන් අපි අපේ සහයෝගය ලබා දුන්නා.  වර්තමාන පාලකයෝ එක එක්කෙනා දම්මලා ඒවට චෝදනා කරනවා. විවේචනය කරනවා. මඩ ගහනවා. 

   මම කියන්න කැමතියි, පිරිසිදු බෞද්ධයෙක් හැටියට මම චෛත්‍යයත් හදනවා. පන්සල් ගොඩනංවනවා. වෙහෙර විහාරස්ථාන වලට උදව් උපකාර කරනවා.  මම දහම් පාසල් හදන බෞද්ධයෙක්. මම විහාරස්ථානවලට උදව් උපකාර කරන බෞද්ධයෙක්. මම චෛත්‍යය හදන බෞද්ධයෙක්.ඒ වගේම මම බොරුවට බෞද්ධකම බෝඩ් ලෑල්ලක් විදියට පාවිච්චි කරලා  ජාති භේදය ආගම් භේදය වර්ගවාදය ත්‍රස්තවාදය ඇති කරන්න කටයුතු කරන්නේ නැහැ. ඒවාට උඩගෙඩි දෙන්නෙත් නැහැ. 

ආගම් භේදයෙන්, ජාති භේදයෙන්  මේ රට අවුස්සලා, මේ රට ගිනි තියන බෞද්ධයෙක් නෙමෙයි සජිත් ප්‍රේමදාස කියලා මම කියන්න කැමතියි.

  අද බලන්න මිත්‍රවරුනි, මේ රටේ මුස්ලිම් මනුස්සයව සිංහල මනුස්සයව කොටවලා. සිංහල මනුස්සයව දෙමළ මනුස්සයව කොටවලා. දෙමළ මනුස්සයාව සිංහල මනුස්සයව කොටවලා.

 මේ රට කොතනටද මේ ගෙනියන්නේ?. එහෙම කරල බලය අරගෙන පුළුවන්ද මේ රට දියුණු කරන්න. පුලුවන්ද මේ රට ඉදිරියට ගෙන යන්න. මොනවද මේ කරන්නේ. 

 පස්වෙනිදා ට  දුරකථනයේ දිනවන තීන්දුව අරගන්න. අපි තමුන්නාන්සේලාට සහතික වෙනවා, ආගම්වාදය, අන්තවාදය, ජාතිවාදය, ත්‍රස්තවාදය මේ රටෙන් අතුගා දමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා කියලා.  

ඒ විතරක් නෙමේ, මේ ආණ්ඩුවේ අලුත්ම න්‍යාය පත්‍රය මොකක්ද  

දන්නව ද?. මේ රටට මහා විශාල කීර්තියක් ගෙනාවෙ ක්‍රිකට්  ක්‍රීඩාවෙන්  .ක්‍රිකට්  ක්‍රීඩාව නිසා  අපේ රට  කීර්තියක් අත්පත් කරගත්තා. නමුත් මේ ආණ්ඩුව   අද කරන්නේ, ඒ ක්‍රිකට් කක්‍රීඩකයින්ටත්  මඩ ගහන එක. ඒ ක්‍රිකට් ක්‍රීඩකයින්ට චෝදනා කරලා,ඔවුන්ව ගෙන්වලා පොලිසියෙන් ප්‍රශ්න කරලා විශාල ව්‍යසනයක් ඇති කරලා තියෙනවා.  තමුන්නාන්සේලා දන්නවා මේ ආණ්ඩුව චෝදනා කරන ඒ තරගාවලියේ ශ්‍රී ලංකාව අවසාන මහා තරගයට ආවා.  ඒ අවසාන මහා තරඟයේදී  ඉතාම ලොකු තරගයක් දීලා තමයි පරාජයට පත් වුණේ.ජය පරාජය ක්‍රීඩාවේ ස්වභාවය . නමුත් මේ ආණ්ඩුව ඒ ක්‍රිකට් ක්‍රීඩකයින්ට චෝදනා කරනවා තරග පාවා දීමක් සම්බන්ධව. මොකක්ද මේ කරන්න හදන්නේ? මේ රට අපකීර්තියට පත් කරන්න හදන්නේ ඇයි?.

  ඒකට හේතු කීපයක් තියෙනවා. එක පැත්තකින් මේ රට ආර්ථිකව කඩාගෙන වැටිලා. ආණ්ඩුවෙ වැඩ බැරිකම, ආණ්ඩුවේ නොහැකියාව, ආණ්ඩුවේ දුර්වලකම ඉස්මතු වෙන්න පටන් අරගෙන.  එනිසා ආණ්ඩුවට කරන්න කිසි දෙයක් නැහැ. ආණ්ඩුවට රටට දෙන්න උත්තරයක් නැහැ. බලය ලබා ගන්න කොට කියපු දේවල් කරන්න බැරි ආණ්ඩුවට අද ජනතාවට කියන්න දෙයක් නැහැ.  එනිසා ආණ්ඩුව තමන්ගේ ගොදුර විදිහට මේ ක්‍රීඩකයින්පාවිච්චි කරනවා.

  අපේ මේ රටට හිතැති දේශපාලන ව්‍යාපාරයක් විදිහට,  ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙනුවෙන් කෙලින් හිටගත්තා.රටට  කීර්තියක් ගෙනාපු මේ ක්‍රීඩකයෝ වෙනුවෙන් අපි සමගි ජන බලවේගය හැටියට පෙරට ආවා.  අපිට මතකයි මේ ආණ්ඩුව උපුල් තරංගව  ගෙනල්ල ප්‍රශ්න කළා. ඊට පහුවදා සංගක්කාරව ගෙනත් ප්‍රශ්න කළා.  මේ නාඩගමට විරුද්ධව අපි උද්ඝෝෂණය කළා. පාලක මණ්ඩලය ඉදිරිපිටත් උද්ඝෝෂණයක් කළා.ආණ්ඩුවට  සමාජයෙන් විශාල විරෝධයක් ආවා. ආණ්ඩුවට ඒ  විරෝධය දරාගන්න බැරිව මේ උද්ඝෝෂණ දරාගන්න බැරිව  මොකද කළේ. සංගක්කාර ගෙනාපු දවසේ රාත්‍රියේ  මහේල ජයවර්ධනට දුරකථන ඇමතුමක් දීලා කිව්වා හෙට එන්ඩ ඕනෙ නෑ කියලා. ඊට පස්සේ මොකද කළේ?. පහුවදා ආණ්ඩුව  මාධ්‍යයට ආණ්ඩුව කීවා කිසි ප්‍රශ්නයක් වෙලා නෑ කියලා. මොකක්ද මේ තුට්ටු දෙකේ විහිලුව?.  මේ ආණ්ඩුව කළේ විහිළුවක්. මේ ආණ්ඩුව කළේ බොරුවක්. මේ ආණ්ඩුව කළේ නාඩගමක්.  මේ සියල්ල කළේ වෙන මොකටවත් නෙවෙයි, තමන්ගේ නොහැකියාව, තමන්ගෙ වැඩ බැරිකම, තමන්ගේ අසාර්ථක කම,   වෙනත් මගකට යොමු කරලා ජනතා අවධානය වෙනස් කරන්නයි.ඒ බැරිකම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරලා වාසියක් ගන්නයි ආණ්ඩුව බැලුවේ. නමුත් ඒක අද අවාසියක් වෙලා. අද රට පුරා ආණ්ඩුවට විරුද්ධව විශාල අරගලයක් විරෝධයක් මතු වෙලා තියෙනවා.  ඡන්දෙ දිනන්න කලින් කියපු, දීපු හැම පොරොන්දුවක් ම මේ ආණ්ඩුව කඩලා ඉවරයි. මේ අසාර්ථක ආණ්ඩුවට විරුද්ධව මේ රටේ ජනතාව වේගයෙන් පෙළගැසෙමින් ඉන්නවා. ජනතාව අපිත් එක්ක එකතු වෙමින් අත්වැල් බැඳ ගනිමින් රොද බඳිමින් අලුත් ගමනක් වෙනුවෙන් කැපවෙමින් සූදානමින් ඉන්න බව අපිට පෙනෙනවා . මේ රටේ ලක්ෂ දෙසීයක ජනතාව නව පොදුජන යුගයක් ආරම්භ කිරීම වෙනුවෙන් කැප වීමට සූදානමින් ඉන්නවා.  මිත්‍රවරුනි , විශේෂයෙන්ම කිව යුතු කාරණයක් තිබෙනවා. බලය ලබාගැනීම වෙනුවෙන් ජාතිය ආගම පාවිච්චි කිරීම ඉතාමත්ම නරක පූර්වාදර්ශයක්. ඒ නරක පූර්වාදර්ශය මේ ආණ්ඩුව ලබා දීලා තියෙනවා.  අපි කියන්න කැමතියි ජාතිවාදයෙන් ආගම්වාදයෙන් අන්තවාදයෙන් යන ගමන  එතරම් සාර්ථක ගමනක් නෙවෙයි.

  ඔබතුමන්ලා දන්නවා, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප්‍රමුඛතාවයක් දීලා තියෙනවා. ඒ එක්කම  ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සෙසු ආගම් වලට  රැකවරණය ලබා දියයුතුයි කියලා කියලත් සඳහන් කරලා තියෙනවා.  අපි ඒ ප්‍රතිපත්තිය අකුරට ඉටු කරනවා.  තමුන්නාන්සේලා දන්නවා, පසුගිය වකවානුවේ කොරෝනා ව්‍යසනය  ආපු වෙලාවේ ආණ්ඩුව ඉතාම පහත් විදිහට ජාතිවාදය ගෝත්‍රවාදය අන්තවාදය පාවිච්චි කළා.  මේ රටට කොරෝනා ව්‍යසනය රැගෙන ආවේ මුස්ලිම් ජාතිකයින් කියලා  කියන තරමට ඔවුන්ගේ දේශපාලනය පටු පහක් ජාතිවාදී කොනකට තල්ලු වෙලා තිබුණා.

මේ වැඩ බැරි,අසාර්ථක ,ආණ්ඩුව පලවා හරින ගමනට එකතු වෙන්න කියලා තමුන්නාන්සේලාට ආරාධනා කරනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img