Sunday, July 19, 2026
HomeNEWSCOVID-19මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා ළමුන් දෙදෙනෙක් ට කොවිඩ්

මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා ළමුන් දෙදෙනෙක් ට කොවිඩ්

මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා ළමුන් දෙදෙනෙක් ට කොවිඩ්

මහනුවර ජාතික රෝහලේ සිටි මාස 06 ක බිළිඳෙකුට, වයස අවුරුදු එකහමාරක තවත් දරුවෙකුට සහ මවකට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි තහවුරු වීම හේතුවෙන් ඔවුන්ව තෙල්දෙණිය රෝහල වෙත යොමුකර තිබේ.

එමෙන්ම මහනුවර රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අතරින් හඳුනාගත් ආසාදිතයින් ගණන 18 කි.

මේ පිළිබඳ අදහස් දැක්වු මහනුවර ජාතික රෝහලේ, වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසා සිටියේ, “අපි ප්ලෑන් කරලා කරන ශල්‍යකර්ම අපි සීමා කරන්න තීරණය කළා සතියකට. ඒ නිසා අත්‍යාවශ්‍ය සහ හදිසි ශල්‍යකර්ම පමණක් සිදුකිරීමට නියමිතයි. ඇතුළත් වන රෝගීන් සියලුදෙනාගේම ප්‍රතිකාර ඒ අවශ්‍ය විදියටම කෙරෙනවා. දිනකට එක් අමුත්තෙක් විතරක් පැමිණෙනවා නම් ගොඩක් හොඳයි,“ යනුවෙනි. 

මේ අතර, ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කළ බලපිටිය මොහොට්ටිවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට ඇප නියම වූ අදාළ කාන්තාවගේ ඥාතියෙකු පසුගියදා එම නිවසට පැමිණ තිබූ අතර පසුව ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම හේතුවෙන් සිදුකළ පීසීආර් පරීක්ෂණයෙන් ඇය ද ආසාදිතයෙකු බව තහවුරු විය.

කොග්ගල අපනයන සැකසුම් කලාපයට අයත් ඇඟලුම් ආයතනයක සේවය කළ කාන්තාවකට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතවූ අවස්ථාවේ සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් ඒ බව තහවුරු වූ අතර කේටරින් ආයතනයක සේවය කළ ඇගේ සැමියාටද වෛරසය ආසාදනය වී ඇති බව ඊට පෙර හඳුනාගෙන තිබුණි.

අවිස්සාවේල්ල සීතාවක අපනයන සැකසුම් කලාපයේ ඇඟලුම් ආයතනයකින් තවත් කොවිඩ් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඔවුන් සියලුදෙනාම කෑගල්ල දෙහිඕවිට පදිංචිකරුවන් වේ.

එම ආසාදිතයින්ව වරකාපොළ ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

මොවුන් සේවය කළ ඇඟලුම් ආයතනයෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 19 කි.

මේ අතර දැරණියගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් ගණන 7 දක්වා ඉහළ යාමත් සමග දැරණියගල සතිපොළ තාවකාලිකව වසාදැමීමට එම ප්‍රාදේශීය සභාව පියවර ගත්තේය.

දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස් හා කිරිබත්ගොඩ යන ප්‍රදේශවල සේවය කර දීපාවලි සැමරීම සඳහා වතුකරයට පැමිණි තවත් සිව්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.

කොටගල හා තලවාකැලේ ප්‍රදේශවලට අයත් වතුවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img