Sunday, July 19, 2026
HomeNEWSLatest Newsපිටකොටුවේ හෙට විවෘත නොවන ප්‍රදේශ

පිටකොටුවේ හෙට විවෘත නොවන ප්‍රදේශ

පිටකොටුවේ හෙට විවෘත නොවන ප්‍රදේශ

පිටකොටුව පොලිස් බලප්‍රදේශය හෙට (30) උදෑසන 5 සිට විවෘත කරනු ලැබුවත් එහි ස්ථාන කිහිපයක හුදකලා බව නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වෙන බව පොලීසිය පවසයි.

ඒ අනුව, මැනිං වෙළෙඳසැළ, හතරවන හා පස්වන හරස්වීදි හෙට උදෑසන විවෘත නොවේ.

හෙට දිනයේ දී තොග වෙළෙඳාමට හා සෙසු වෙළෙඳාම් සඳහා එම ස්ථානයන්ගේ අවසර හිමි නොවන බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“මෙම මැනිං වෙළෙඳපොළ ඒ වගේම හතරවන හා පස්වන හරස්වීදිවල බහුතරයක් සේවය කරනු ලබන බහුතරයක් සේවකයින් සිටින්නේ තවමත් හුදකලා කර තිබෙන, කොළඹ – උතුර ප්‍රදේශයේ. ඒ ප්‍රදේශවල ආසාදිතයින් ඇති වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එම ප්‍රදේශවල තව තවත් ආසාදිතයින් බිහිවෙනවා. ඒ නිසා තමයි ඒ ප්‍රදේශ හුදකලාභාවයෙන් ඉවත් කරන්න බැරි. විශේෂයෙන් මෝදර, ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, කෙසෙල්වත්ත, මරදාන මේ වගේ ප්‍රදේශ. ඒ නිසා මෙම මැනිං වෙළෙඳපොළ ඒ වගේම හතරවන හරස්වීදිය හා පස්වන හරස්වීදිය විවෘත කළහොත් නැවත කොවිඩ් පැතිරීමේ අවදානමක් ඇති වෙන්න පුළුවන්.“

නමුත් හෙට දිනයේ සිට පුද්ගලික බස්නැවතුම් පොළේ හා අනෙකුත් කටයුතු ඒ අයුරින්ම සිදුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img