හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට අද (08) ස්ථාන දෙකකදී බාධාකිරීම් එල්ලවී තිබුණි.
කෙසේවෙතත් එම ස්ථානවල රැස්ව සිටි සෙසු පිරිස් හා පොලීසිය එක්ව එම තත්ත්වයන් පාලනය කර තිබේ.
වැලිමඩ මාවිතිකුඹුර කෙරදිමුල්ල මංසන්ධියේදී ජනහමුවක් සඳහා ඊයේ පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා එක්ව සිටියේය.
එහිදී විජිත හේරත් මහතා සභාව ඇමතීමේදී රැස්ව සිටි කිහිප දෙනෙකුගෙන් ඔහුට විරෝධයක් එල්ල වුණි.
මේ අතර හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රැගත් රිය පෙරහැරකට නාවලපිටිය ඉගුරුඹය මාර්ගයේදී ජනතා විරෝධය එල්ල වී තිබුණි.
පසුව පොලීසිය පැමිණ හිටපු අමාත්‍යවරයාට එම ස්ථානයෙන් පිටව යාමට අවස්ථාව






















