Sunday, July 19, 2026
HomeNEWSLatest Newsමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමේ උත්සවේ සජීවී විකාශය බලාපොරොත්තු වන්න

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමේ උත්සවේ සජීවී විකාශය බලාපොරොත්තු වන්න

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමේ උත්සවේ සජීවී විකාශය කැළණි රජමහා විහාරයේ සිට බලාපොරොත්තු වන්න.

නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ 28 වැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන ඓතිහාසික කැලණි රජ මහා විහාර පූජාභූමි පරිශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි. සිය පාර්ලිමේන්තු දේශපාලනයට වසර 50 ක් ගත වන අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කැබිනට් අමාත්‍යවරයෙකු හා විපක්ෂ නායක වරයෙකු ලෙස කටයුතු කර ඇති අතර මීට පෙර තෙවරක් ම මේ රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ. මේ අනුව මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ලෙස අද දින දිව්රුම් දෙන්නේ සිව්වෙනි වරට වීම විශේෂත්වයකි. මේ රටේ විධායක ජනාධිපතිවරයා ලෙස දෙවරක් තේරීපත්වූ මහින්ද රාජපක්ෂ මහතා වසර 30ක ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් අනතුරුව රට තුළ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමට දායකත්වය ලබා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img