Friday, September 4, 2026
HomeNEWSLatest Newsමහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි ....

මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි ….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි.

දිවුරුම් දීම අද (09) පෙරවරුවේ ඓතිහාසික කැලණිය පුද බිමේ දී සිදු කෙරිණ.

සිව් වැනි වරටත් අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 සිට 2015 දක්වා දෙවතාවක් විධායක ජනාධිපති ධූරය හෙබවීය.

මහින්ද රාජපක්ෂ මැතිතුමා පනස් වසරක දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියයි. 1970 වසරේ පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ මැතිතුමා 1995 වසරේ සිට 2004 දක්වා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සුවිශාල කාර්ය භාරයක් ඉටු කළේය.

2004  අප්‍රේල් මස 06 වැනිදා පළමුවරට අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ එතුමා 2018 ඔක්තෝබර් 26 වැනිදා දෙවැනි වරටත්, 2019 නොවැම්බර් මස 21 වැනිදා තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේය. 

වසර 10ක කාලයක් විධායක ජනාධිපති ධූරය හෙබ වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා තිස් වසරක පමණ කාලයක් පැවති ත්‍රස්තවාදය මුලිනුපුටා දමා වේගවත් සංවර්ධනයකට රට රැගෙන යාමටත් සමත් විය. 

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂ මැතිතුමා මනාප 527,364ක් ලබා ගනිමින් මැතිවරණයකදී අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව ගෙන ඉතිහාසයට එක් විය.

විධායක ජනාධිපති ධූරයේ දෙවරක් සේවය කොට අග්‍රමාත්‍ය ධූරයට සිව් වතාවක් පවත්වූ පළමුවැන්නා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතිහාසයට එක් වෙයි. 

මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර නව අග්‍රාමාත්‍යවරයා වෙත ආශිර්වාද පළ කළහ. 

දිවුරුම්දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූහ. 

අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීමේ උත්සවයෙන් පසු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා අවට රැස්ව සිටි ජනතාව වෙත ගොස් ඔවුනට සිය ආචාරය පුද කළහ.

මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරු, ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම්, තානාපතිවරු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ හා නව රජයට සහාය පළ කරන නව මන්ත්‍රීවරු සහ පවුලේ ඥාතීහූ ඇතුළු පිරීසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img