Friday, October 23, 2026
HomeNEWSLatest News“මහියංගණ උඵ යෝධයාට” විමල් යළි පණ දෙයි

“මහියංගණ උඵ යෝධයාට” විමල් යළි පණ දෙයි

“මහියංගණ උඵ යෝධයාට” විමල් යළි පණ දෙයි

මීට වසර දෙකහමාරකට පෙර වසා දැමුණු ලංකා පිඟන් සංස්ථාවට අයත් මහියංගණ උඵ කර්මාන්ත ශාලාව විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත නිෂ්පාදන කටයුතු සඳහා විවෘත කිරීමට හැකි වූ බව එම සංස්ථාවේ සභාපති, ජූඞ් ප්‍රනාන්දු මහතා පවසයි.

කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු පසුගිය 02 වැනිදා ඇරඹී ඇති අතර අද (04) උදෑසන එම වැඩ කටයතු ඇරඹුණු කර්මාන්ත ශාලා පරිශ්‍රය කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

දිනකට උඵ 17,500ක් නිපදවීමේ ධාරිතාවකින් යුත් යන්ත්‍රසූත්‍ර මෙම කර්මාන්ත ශාලාව සතුව තිබුණු බවත් එවකට 250කට අධික සේවක පිරිසක් සේවය කළ බවත් පෙන්වා දුන් සභාපතිවරයා, “මහියංගණ උඵ” ශ්‍රී ලංකාවේ හොඳම උළු ලෙස එකල විරුදාවලිය ලබා තිබූණු බවත් මෙහිදී සිහිපත් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් දේශීය කර්මාන්තයන්ට පණ දෙමින්, කර්මාන්ත පුනරුද යුගයක් කරා මේ රට ගෙන යාමට වත්මන් කර්මාන්ත අමාත්‍යවරයා ගන්නා බලවත් උත්සාහය තුළ මෙම “මහියංගණ උඵ යෝධයාට” යළි පණ දීමට ලංකා පිඟන් සංස්ථාවට හැකිව ඇති බව ද ජූඞ් ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්

පාකිස්ථාන තුන්කොන් තරගාවලිය. ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්. (ශ්‍රී ලංකාවේ හොඳම සහ ලොව 02 වන වැඩිම එක්දින ලකුණු හඹා යාම) එංගලන්තය:429/4,ශ්‍රී ලංකාව:430/8 (49.5) එංගලන්තය සමඟ...

විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසට අධිකරණ නියෝගයක්

විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින භික්ෂූන්වහන්සේ ඇතුළු පිරිසට එහි අඛණ්ඩව රැඳී සිටීමෙන් වැළකීම ඇතුළු අධිකරණය ලබාදුන් නියෝගයක් කියවා දීමෙන් පසු, පොලිසිය එම ස්ථානයෙන්...

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට පාසල් හතරකසිසුහු එක් වෙති

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට පාසල් හතරකසිසුහු එක් වෙති පන්ති කාමරයෙන් ඔබ්බට ගිය අධ්‍යාපනික අත්දැකීම් සිසුන්ට ලබා දෙමින්, රටේ ඉතිහාසය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ රාජ්‍ය පරිපාලන...

බොරු චෝදනා දාලා නඩු දාන අයට මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා- නාමල් රාජපක්ෂ

අධිකරණයට බොරු තොරතුරු දීලා මේ රටේ අසරණ අහිංසක මිනිස්සුන්ව බොරු චෝදනා දාලා නඩු දාන එකට විරුද්ධව විනිශ්චකාරවරු තීන්දුවක් දුන්නම, ඒ තීන්දුව පැහැර හැරපු පොලිස්පතිවරයාට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img