Thursday, July 2, 2026
HomeNEWSLatest News“මහියංගණ උඵ යෝධයාට” විමල් යළි පණ දෙයි

“මහියංගණ උඵ යෝධයාට” විමල් යළි පණ දෙයි

“මහියංගණ උඵ යෝධයාට” විමල් යළි පණ දෙයි

මීට වසර දෙකහමාරකට පෙර වසා දැමුණු ලංකා පිඟන් සංස්ථාවට අයත් මහියංගණ උඵ කර්මාන්ත ශාලාව විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත නිෂ්පාදන කටයුතු සඳහා විවෘත කිරීමට හැකි වූ බව එම සංස්ථාවේ සභාපති, ජූඞ් ප්‍රනාන්දු මහතා පවසයි.

කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු පසුගිය 02 වැනිදා ඇරඹී ඇති අතර අද (04) උදෑසන එම වැඩ කටයතු ඇරඹුණු කර්මාන්ත ශාලා පරිශ්‍රය කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

දිනකට උඵ 17,500ක් නිපදවීමේ ධාරිතාවකින් යුත් යන්ත්‍රසූත්‍ර මෙම කර්මාන්ත ශාලාව සතුව තිබුණු බවත් එවකට 250කට අධික සේවක පිරිසක් සේවය කළ බවත් පෙන්වා දුන් සභාපතිවරයා, “මහියංගණ උඵ” ශ්‍රී ලංකාවේ හොඳම උළු ලෙස එකල විරුදාවලිය ලබා තිබූණු බවත් මෙහිදී සිහිපත් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් දේශීය කර්මාන්තයන්ට පණ දෙමින්, කර්මාන්ත පුනරුද යුගයක් කරා මේ රට ගෙන යාමට වත්මන් කර්මාන්ත අමාත්‍යවරයා ගන්නා බලවත් උත්සාහය තුළ මෙම “මහියංගණ උඵ යෝධයාට” යළි පණ දීමට ලංකා පිඟන් සංස්ථාවට හැකිව ඇති බව ද ජූඞ් ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img