Saturday, August 22, 2026
HomeNEWSමහ බැංකුවේ 70වැනි සංවත්සර සමරු කාසිය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

මහ බැංකුවේ 70වැනි සංවත්සර සමරු කාසිය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

මහ බැංකුවේ 70වැනි සංවත්සර සමරු කාසිය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ 70වැනි සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20ක් වන සමරු කාසිය මුදල් අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද 2021.02.26 දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පිළිගැන්වීය.

මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා විසින් රුපියල් 20 සමරු කාසිය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වන ලදි.

මෙම රුපියල් 20 නව කාසිය අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි සමඟ ගෙවීම් සඳහා 2021 මාර්තු 03වැනි දින සිට සංසරණය සඳහා නිකුත් කෙරෙනු ඇත.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, මහ බැකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...

සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img