Saturday, November 14, 2026
HomeNEWSමුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි රචිත ග්‍රන්ථ දෙකක් අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වති

මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි රචිත ග්‍රන්ථ දෙකක් අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වති

මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි රචිත ග්‍රන්ථ දෙකක් අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වති

බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි විසින් රචිත ග්‍රන්ථ දෙකක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ  2021.02.25 දින පස්වරුවේ පිළිගැන්වනු ලැබූහ.

රන් හීය සහ හෙළ වෙදකමේ යටගියාව නැමති ග්‍රන්ථ ද්විත්වය මෙසේ ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්වූහ. 

උත්සවය නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දී පැවැත්විණි.

සිළුමිණ පුවත්පතට ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ  හීය නමින් ලියූ තීරු ලිපි සමුච්ඡයෙන් තෝරාගත් ලිපි එකතුවක් රන් හීය ග්‍රන්ථයට ඇතුළත් කර තිබේ. හෙළ වෙදකමේ යටගියාව ග්‍රන්ථය ඉපැරණි හෙළ වෙදකමේ අක්මුල් සෙවීමකි.

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝ ඇතුළු මහා සංඝරත්නය මෙම උත්සවයට වැඩම කළහ.

මෙම අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන්වන මහාචාර්ය ජී.එල් පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණී ලොකුගේ, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන්වන මහාචාර්ය චන්න ජයසුමන, සීතා අරඹේපොළ, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන යදාමිණි ගුණවර්ධන, ගෙවිඳු කුමාරතුංග මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට සැලසුම් කර...

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල්

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල් ප්‍රදානය කෙරේ. අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ජල ගැලීම්වලින් වී වගාවන්ට...

විජේවීර සහෝදරයට සම්පූර්ණයෙන්ම පිටුපාලා ජවිපෙ අද ආණ්ඩු කරනවා- දුමින්ද නාගමුව

" දිවි හිමියෙන් සටන් වැදුණු පරපුරක සිහිනය සමාජවාදය " මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 37වන ඉල්මහා විරු සමරුව ඊයේ දින ( 2026. 11. 13...

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි; මාස දෙකකට පසු ගල්ෆ් රාජ්‍යයක විදෙස් හමුදා මධ්‍යස්ථානයකට ඉරානය එල්ල කළ පළමු ප්‍රහාරය බව ද විදෙස්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img