Friday, September 4, 2026
HomeNEWSමහ බැංකුව කැඩූ දේශපාලනඥයින් හතර දෙනකුට නඩු.

මහ බැංකුව කැඩූ දේශපාලනඥයින් හතර දෙනකුට නඩු.

මහ බැංකුව කැඩූ දේශපාලනඥයින් හතර දෙනකුට නඩු.

රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදු කිරීම සඳහා උපදෙස් ලබාදෙමින් මැදිහත් වූ පසුගිය යහපාලන ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයින් හතර දෙනකුට එරෙහිව ඉදිරි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් යටතේ අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ලංකා s නිව්ස් වෙත ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව පිළිබඳව පසුගිය යහපාලන ආණ්ඩුව මගින් නිසියාකාරව පරීක්ෂණ සිදු නොකළ බවත් දේශපාලනඥයින් බේරාගෙන අනිකුත් අයට පමණක් චෝදනා එල්ල කිරීමට කටයුතු සිදු කළ බවත් විජේදාස රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙන ලදී. මේ නිසා එම දේශපාලඥයින් සිව්දෙනා දැනට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට වගනොකියන ආකාරයෙන් කටයුතු කරන බවත් ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසු මෙම තත්වයන් සියල්ල වෙනස් වන බවත් විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img