මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් හෙට (24) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇත.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ හෙට පෙරවරු 10.00 ට මෙම පිරිසට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවය.
වත්මන් ආර්ථික අර්බුදය සහ ඒ සඳහා ඇති විසදුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම කැඳවීම සිදුකර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස් වූ අවස්ථාවේ මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිස කැඳවීමට තීරණය කර තිබුණි.
මේ අතර ලංකා බැංකුවේ ඉහළ කළමණාකාරීත්වය හෙට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.
ලංකා බැංකුවට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ඔවුන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය වැඩිදුරටත් පැවසීය.






















