මහ බැංකු හොරකම සිදු වුණේ රනිල් හා සජිත් සිටි කැබිනට් මණ්ඩලය දැනුවත්වයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවුනේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වර්තමාන සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිටි කැබිනට් මණ්ඩලයේ දී බවත් ඔවුන් දෙදෙනාම මීට වගකිව යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුසිල් ප්‍රේම ජයන්ත මහතා ප්‍රකාශ කරයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක මධුමාධව අරවින්ද මහතා ද මෙයා මාධ්‍ය හමුවට සහභාගි වූයේ ය.































