Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsමහ මැතිවරණය 2020 - මොකද වුණේ ?

මහ මැතිවරණය 2020 – මොකද වුණේ ?

ශ්‍රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීම සඳහා අගෝස්තු 5 වැනිදා පැවති මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ඒ අනුව ප්‍රකාශිත වලංගු ඡන්ද 11,598,929 සංඛ්‍යාවෙන් ඡන්ද 6,853,698 (59.09%) ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 145ක් හිමි කරගෙන ඇත. ඒ ජාතික ලැයිස්තු ආසන 17ක්ද සමගිනි.

පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයට පිවිසියේ පාර්ලිමේන්තුව තුළ 3/2ක බලයක් ඉල්ලමිනි. එය මෙවර සාර්ථක වී ඇත. තවත් පක්ෂ කිහිපයක සහයෙන් ඔවුන්ට එම අරමුණ පහසුවෙන් ඉටු කර ගත හැකි වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

මෙවර මහ මැතිවරණයේ විශේෂත්වය වන්නේ එක්සත් ජාතික පක්ෂය ලබා ඇති පරාජයයි. 1946 දී බිහිවූ එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයකදී ලද දරුණු ම පරාජය ලෙස මෙම මැතිවරණය වර්තාවනු ඇත.

එම පක්ෂය හිමිකර ගත්තේ ඡන්ද 249,435 පමණි. එය ප්‍රතිශතයක් ලෙස 2.15% කි. ඔවුන්ට හිමිව ඇත්තේ එක් ජාතික ලැයිස්තු අසුනක් පමණි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම් සහ වජිර අබේවර්ධන වැන්නෝ දරුණු පරාජ ලබා ඇත.      

1977දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ වික්‍රමසිංහ මහතා ඉන්පසු මහ මැතිවරණයකදී පරාජය වී ඇත්තේ පළමුවරට ය.

එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී මහ මැතිවරණයට ඉදිරිපත් වූ සමගි ජන බලවේගය, මෙවර දෙවැනි බලවේගය ලෙස ඉදිරියට පැමිණ ඇත. ඔවුන් ලබා ඇති මුළු ආසන ගණන 54කි.

ඔවුන් ලබා ඇති සම්පූර්ණ ඡන්ද සංඛ්‍යාව 2,771,980 කි. එය ප්‍රතිශතයක් ලෙස 27.90%කි.

පසුගිය පාර්ලිමේන්තුවේ ආසන 16ක් හිමිව ඉලංගෙයි තමිල් අරසු මෙවර හිමිකර ගෙන ඇත්තේ ආසන 10ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img