Monday, September 14, 2026
HomeNEWSමාධ්‍යවේදීන් මරපු අයගෙන් මේරියන්ස් සංගීත කණ්ඩායමටත් තර්ජන-මනුෂ නානායක්කාර.

මාධ්‍යවේදීන් මරපු අයගෙන් මේරියන්ස් සංගීත කණ්ඩායමටත් තර්ජන-මනුෂ නානායක්කාර.

*ජනතා විමුක්ති පෙරමුණේ ගාල්ලේ කැන්වසින් කරන්න කැස්බෑවෙන් බස් විසි පහක්**බස් එකට හැටදාහයි – සංවිධානය කරනවාට විසිදාහයි**මාධ්‍යවේදීන් මරපු අයගෙන් මේරියන්ස් සංගීත කණ්ඩායමටත් තර්ජන**ජනතා විමුක්ති පෙරමුණ ගැන පොතක් ලියපු මාධ්‍යවේදියාටත් තර්ජන**තර්ජන කරලා නැවත වරක් 88 – 89 වගේ තත්වයක් ඇති කර්න හදන්නේ*ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට බව කියමින් කැස්බෑව ඩිපෝවෙන් පස් විසිපහක් වෙන් කරගෙන ගාල්ලේ ගෙයින් ගෙට ප්‍රචාරක කටයුතු කිරීම සදහා පිරිස් ගෙන්වාගෙන ඇති බවත්, ඔවුන්ට ගාල්ලේ ජනතාව නොමැති නිසා මේ ආකාරයට බස්වලින් පිරිස් ගෙන්වා ඇති බවත් මනුෂ නානායක්කාර මහතා පැවසීය.මේ ගැන මාධ්‍යයෙන් වැඩිදුර සොයා බැලීම් කළ යුතු බවද ඔහු අද උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.ජනතා විමුක්ති පෙරමුණ සංගීත කණ්ඩායම්වලට, මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් නැවත වරක් 88 – 89 දී පැවති තත්වයක් ඇති කිරීමට උත්සාහ ගන්නා බවද ඔහු කීය.වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද පැවසුවේය.ඊයේ ගාල්ලේ අය කැන්වසින් කළා. දාහතරදාහක් වන ඡන්ද මධ්‍යස්ථානවල ජනාධිපතිතුමා වෙනුවෙන් කැන්වසින් කළා. අද උදේ මට ප්‍රවෘත්තියක් ලැබුණා. ඒකේ ඇත්ත නැත්ත මාධ්‍යයෙන් හොයලා බලන්න. කැස්බෑව ඩිපෝවෙන් බස් විසිපහක් ගාල්ලට එන්න වෙන් කරගෙන තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් කියලා තමයි මේ බස් වෙන් කරගෙන තියෙන්නේ. බැලුවම ගාල්ලේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් නෑ. එක බස් එකකට හැට දාහක් වෙන් කරලා තියෙනවා. සංවිධානය කරන කෙනාට තව විසිදාහක් වෙන් කරලා. ගාල්ලේ රැස්වීමක් නෑ. හැබැයි මම කහදූවව්ත හරියෙන් එනකොට පාරේ දෙපැත්තේ කැන්වසින් යනවා. දන්න අදුනන මූනු එකක්වත් තිබුණේ නෑ. එක තැනක දෙකන විතරක් දන්න අය එක්කෙනෙක් හිටියා. රට වටෙන්ම ගාල්ලට ගෙනත් ජනතා විමුක්ති පෙරමුණේ කැන්වසින් එක කරන්න හදනවා. ගාල්ලේ කවුරුවත් ජනතා විමුක්ති පෙරමුණේ කැන්වසින් යන්න මෝඩ නෑ. ඒ නිසා බස් විසිපහකින් සෙනග ගෙනත් කැන්වසින් යනවා. මේක තමයි රටේ හදන්න හදන ව්‍යාජ රැල්ල. කැස්බෑව ඩිපෝවෙන් බස් විසිපහක් වෙන් කරලා තියෙවාද, ඒ බස් ගියේ කොහේටද, ඒ පිළිබද සොයා බලන්න කියලා මාධ්‍යයෙන් ඉල්ලනවා.සාගරිකා ගෝමස් ප්‍රවෘත්ති කිව්වා කියලා මැරුවා. ප්‍රේමකීර්ති ද අල්විස් මැරුවා. රිචඩ් ද සොයිසා ඝාතනය කළා. ජනප්‍රිය සංගීත කණ්ඩාමක් වෙන මේරියන්ස් සංගීත කණ්ඩායමේ රෝසලා සිංදුවක් වෙනස් කරලා කිව්වා. උපහාසයට සිංදුවක් කිව්වා. සංගීත කණ්ඩායමට තර්ජන ආවා. සංගීත කණ්ඩායමට තර්ජන ආවා. අපේ අතින් වරදක් වුනේ, අපි හිතලා කළේ නෑ කියලා කියන්න සංගීත කණ්ඩායමට සිදුවුනා.දැන් ළගදී දිවයින පත්තරේ එරික් ගාමිණී එන්.පී.පී. කතාව සහ ජේ.වී.පී. වැඩ කියලා පොතක් ලිව්වා. අද දිවයින පත්තෙරන් ඔහු එලවන තැනට වැඩ හදලා තියෙන්නේ. දුරකතන මාර්ග විසන්ධි කරන්න කටයුතු කරලා කියලා සමාජ මාධ්‍යයේ දැක්කා. ඇත්ත කියන්න මාධ්‍යවේදියෙක්ට අවස්ථාව දෙන්නේ නෑ.උතුරට ගිහින් අනික් අතට තර්ජනය කරනවා. දකුණේ ජනතාව මෙහෙම එකගතාවයක් ඇති කරගෙන තියෙනවා, උතුර ඒක නොකළොත් දකුණේ අය මොන වගේ තීන්දු ගනීවිද කියලා දන්නේ නෑ කියලා තර්ජනය කරනවාජනතා විමුක්ති පෙරමුණේ රැළියකට ගියපු හමුදා නිලධාරියෙක් තර්ජනය කරන වීඩියෝ අපි දැක්කා. මේ තර්ජනි කරලා නැවත වතාවක් 88 -89 වගේ තත්වයක් ඇති කර්න හදන්නේ. නැවත වතාවක් රමට් භිෂණයක් ඇති කරන්න හදන්නේ. මේ පිළිබදව රටේ ජනතාව කල්පනා කර්න ඕන. මැතිවරණ කොමිසම අවධානය ලක් කරන්න ඕන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img