ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සූරියවැව මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින(07) සූරියවැව නගරයේදී සිදුවිය. කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව සූරියවැව නගරයේ කැන්වසින් ව්‍යාපාරය ආරම්භ කිරීමද සිදුවිය. ශ්‍රීලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ෂ සාමාජිකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.






























