Wednesday, July 15, 2026
HomeNEWSමාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව සම්බන්ධ පනත සහ 15%ක IT බද්ද ගැන විපක්ෂ නායකවරයා...

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව සම්බන්ධ පනත සහ 15%ක IT බද්ද ගැන විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි.

*මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව සම්බන්ධ පනත සහ 15%ක IT බද්ද ගැන විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි*ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මගින් තහවුරු කර ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බාධාවන අයුරින් සම්මත කරන්න යෙදුනු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය යන පනත සංශෝධනය කිරීම වත්මන් රජයේ මැතිවරණ ව්‍යාපාරයේ මූලික සටන් පාඨයක් වූ බවත් එසේම නවොත්පාදන හා උසස් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගෙන ඩිජිටල් තාක්ෂණයක් හදුන්වා දීම රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලෙහි කොටසක් ලෙස සදහන් වී ඇති නමුත් යෝජිත ක්‍රියාමාර්ග හරහා එහි මූලික පරමාර්ථ සාධනය නොවන බව පෙනෙන්නට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.*මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පනත සංශෝධනය කරන්නේ කවදාද කියා රජයෙන් ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ විපක්ෂයේ සිටම එයට විරුද්ධ වූ බවත් පනත සංශෝධනය කරන තෙක් එය මුලු‍මලින්ම බල රහිත කරන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඒ සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද කියා විපක්ෂ නායකවරයා පැවසීය.මෙම පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හා බන්ධනාගාර ගත කර දඩුවම් කළ සැකකරුවන් සංඛ්‍යාව දැන ගැනීමට අවශ්‍ය බවත් මේ පනත භාවිත කර දේශපාලන පළිගැනීම් අද මෙන්ම එදාද සිදුවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ගැසූ 15%ක බද්ද කී දෙනෙක්ට බලපානවාද*යෝජිත ආදායම් බදු සංශෝධිත පනත මගින් තොරතුරු තාක්ෂණය හරහා උපයන විදේශ විනිමය 15%ක බද්දක් අප්‍රේල් මාසයේ සිට පැනවීමට රජය යෝජනා කර ඇති බවත් මෙම බද්ද සේවා අපනයන ක්ෂේත්‍රයේ කී දෙනෙක්ට බලපාන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ තුළින් වාර්ෂිකව උපයන බදු මුදල කීයද කියා ප්‍රකාශ කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කර්මාන්ත අමාත්‍යවරයා පවා මෙම බද්දට විරුද්ධ බව පවසන බවයි.මෙම බදු මුදල් විදේශ ප්‍රේෂණවලින් වෙන් කර හදුනා ගැනීමට රජයට ඇති වැඩපිළිවෙළ මෙන්ම මෙම බද්ද පැනවීම හරහා සමස්තයක් ලෙස ඩිජිටල් ආර්ථිකය හා විකල්ප මුදල් විශුද්ධිකරණ ක්‍රම මත ඇති කරන උත්ප්‍රේරණ සම්බන්ධයෙන් රජය කර ඇති විශ්ලේෂණ සභාගත කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.https://youtu.be/ItgRbMXFNi8?si=XkQ_7RkUnWdyMEPg

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img