සමගි ජන බලවේගයේ සහ සමග ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා. ‘‘ජනාධිපතිවරණයේදී රට සංවර්ධනය කරන , රට දියුණු කරන , ජනතාවට ශක්තිය ලබාදෙන ප්‍රතිපත්ති මාලාවක් අපි ඉදිරිපත් කළා. අපි ඒ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාව රටේ කොට්ඨාසයක් පිළිගැනීමට ලක් කලා. තවත් කොට්ඨාසයක් අපටත් වැඩිය වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවන්න කටයුතු කළා. අද වන විට ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා ජනතාවට ලබා දුන් බලාපොරොත්තු පොරොන්දු ඒ සියල්ලක්ම අමතක කර දමලා. ඔවුක් මේ රටේ සමස්ත ජනතාව අතරමං කරන වැඩපිළිවෙලක නිරත වෙලා සිටිනවා. නිර්ධන පත්තිය නියෝජනය කරමින් පොදු ජනතාව කරමින් රටේ සමස්ත ජනතාවට විශාල සේවාවක් කරනවා කියන ඒ පොරොන්දු අද වන විට උල්ලංඝනය කරමින් සිටිනවා. ඒ වගේම අපේ රටේ දරුවන්ගේ සහ මව්වරුන්ගේ අන්ත අසරණභාවයට පත් කරන තීන්දුවක් වර්තමාන ආණ්ඩුව ලබාගෙන තිබෙනවා. සෑම මාසයකම ත්‍රිපෝෂ පැකට් ලක්ෂ දාසයක් බෙදා හැරීමට කටයුතු කරනවා. අවුරුදු පහට අඩු අඩුබර දරුවන්ට තමයි මේ ත්‍රිපෝෂ පැකට් එක බෙදා දෙන්නේ. ඒ වගේම ගැබිණි මව්වරුන්ටත්ත්‍රිපෝෂ පැකට්ටුවක් හිමිවනවා. ඒ වගේම කිරි දෙන මව්වරුන්ටත් ත්‍රිපෝෂ පැකට්ටුවක් හිමිවනවා. මව්වරුන් ලක්ෂ හයකට ප්‍රමාණයක් සිටිනවා. දරුවන් ලක්‍ෂ නවයකට ආසන්න ප්‍රමාණයක්සිටිනවා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට ඉතා කෙටි කාලයක් තුළ රජය කැසට් නිවේදනයක් හරහා ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව ඇයවර කිරීමට නැතිනම් තවත් කර්මාන්තශාලාවක් සමග එකතු කොට ත්‍රිපෝෂ කර්මාන්තශාලාව ඉවත් කිරීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය තීන්දු කර තිබෙනවා. ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව ඒ යන්ත්‍ර සූත්‍ර හරහා ත්‍රිපෝෂ පැකට් ලක්ෂ දාසයක් මව්වරුන්ට සහ දූ දරුවන්ට ලබාදීම විතරක් නෙවෙයි සිදු කළේ. ඒ කර්මාන්ත ශාලාවට නිෂ්පාදන ධාරිතාවය තිබෙන නිසා තවත් නිෂ්පාදන සිදුකර ඒවා අලවිකොට 2022 පමණක් හැරෙන්නට අනෙකුත් සෑම වසරකම රුපියල් මිලියන පන්සියයක් මහා භාණ්ඩාගාරයට ලබා දී තිබෙනවා. පොඩි මනුස්සයාව රකිනවා කියලා ජනතාව රැක ගන්නවා කියලා නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ක්‍රියාත්මක වන අවස්ථාවේදී තමයි මේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ. ආණ්ඩුව ප්‍රකාශ කරනවා එය අසත්‍යයක් බව. එවැනි දෙයක් සිදුකරේ නැතිනම් ආණ්ඩුව නිකුත් කළ ගැසට් නිවේදනය රිවස් කර ගන්නයි අපි ඉල්ලාසිටිනවා. රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර එය ප්‍රවෘත්ති නිවේදනයක් හරහා වෙනස් කිරීමට නොහැකියි. ඒවගේම ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේත් සැලසුමක් තිබුණා මේ ත්‍රිපෝෂක කර්මාන්ත ශාලාව වසාදමා ඒ කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කරන්න. ඒ වගේම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගෙත් අදහසක් තිබුණා ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කරන්න. 2022 පාර්ලිමේන්තුවේ දි සමගි ජන බලවේග කණ්ඩායම දැඩි විරෝධතාවයක් දක්වා ත්‍රිපෝෂ සමාගම පෞද්ගලීකරණය කිරීමෙන් වළක්වා ගැනීමට කටයුතු කළා. දිසානායක ජනාධිපතිවරයා මේ වන විට ගමන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ගමන් ගත් මාර්ගයමයි. මව්වරුන්ට සහ කුඩා දරුවන්ට ලබාදීමට තිබෙන ත්‍රිපෝෂ වැඩසටහන විකුණා දමන්නට වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. එළඹෙන මහ මැතිවරණයේදී ජනතාව සත්‍යය අවබෝධ කරගෙන සමගි ජන බලවේගයට බහුතර මන්ත්‍රී කණ්ඩායමක් ලබාදීමට කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා සමඟ ජන බලවේග ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවීමට අපට හැකියාව ලැබෙනවා. ඒ ආණ්ඩුව තුළ අපි ජනාධිපතිවරණයේදී ජනතාවට ඉදිරිපත් කළ වැඩසටහන අකුරටම ඉටු කිරීමට කටයුතු කරනවා. පසුගිය ජනාධිපතිවරණ වේදිකාවලදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා බඩු මිල අඩු කරන බව , අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන බව. නමුත් වර්තමාන රජය බඩු මිල අඩුකිරීම කෙසේ වෙතත් පොල් සඳහා පෝලිං යුගයක් නිර්මාණය කර තිබෙනවා. සාමාන්‍ය ජනතාව පාරිභෝජනය කරන සහල් දරාගත හැකි මිලකට ජනතාවට ලබාදීමට වර්තමාන ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා. ඒ වගේම වරායෙන් තෙල් ගොඩබාන මිලක් ජනතාවට තෙල් ලබාදීමේදී අයකරන මිලත් අතර විශාල වෙනසක් තිබෙන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. අල්ලස දූෂණය වංචාව නිසා මේ දේ සිදුවන බවත් විශාල කොමිස් මුදලක් විවිධ මැති ඇමතිවරුන් අතට පත්වන බවත් ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. ඒ සියල්ල ඉවත් කොට ජනතාවට සහන මිලට ඉන්ධන ලබා දෙන බවත් ඔවුන් ප්‍රකාශ කළා. ඒ වගේම ඉන්ධන මිල සූත්‍රයේ අනුගමනය කරන්නේ නැති බවත් ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. නමුත් අනුර දිසානායක ජනාධිපතිවරයා පත්කළ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා තෙල් මිල අඩු කළහොත් රට කඩාගෙන වැටෙනවා කියලා. ඉන්ධන මිල අඩු කිරීමට පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. විධායක ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා තෙල් මිල අඩු කිරීමට. පසුගිය දවසක වර්තමාන ආණ්ඩුව ඉන්ධන මිල ඉතා සුළු මුදලකින් අඩු කළා. නමුත් ඒ අඩු කලේ ඔක්ටේන් අනූ පහ පෙට්‍රල් ලීටරයක මිලයි. ඒ වගේම සුපර් ඩීසල් මිලත් අඩු කළා. එයින් රටේ ත්‍රී රෝද වෘත්තකයන්ට කිසිදු සෙතක් සැලසෙන්නේ නැහැ. කුඩා වාහන යොදාගෙන ව්‍යාපාර කරන පිරිසට එයින් සහනයක් සැලසෙන්නේ නැහැ. ඔක්ටේන් අනූපා පෙට්‍රල් ලීටරයක සහසුපර් ඩීසල් මිල අඩු කරද්දී එහි වාසිය ගලාගෙන යන්නේ සල්ලිකාර පුද්ගලයින්ට. එයින් සාමාන්‍ය ජනතාවට කිසිදු සෙතක් සැලසෙන්නේ නැහැ. කෙසේ නමුත් අනුරිසනායක ජනාධිපතිවරයා තෙල් මිල සූත්‍රයේ හිරකාරයකු බවට පත්වී තිබෙනවා. ඒ වගේම අපි බිහිකරන ආණ්ඩුවව තුළින් ජාත්‍යන්තර මූල්‍ය අර මුදල සමග සාකච්ඡා කොට ජනතා පීඩනය අඩු කරන. සහන වැඩි කරන අලුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අලුත් ගිවිසුමක් නිර්මාණය කිරීමට අපේ ආණ්ඩුව නායකත්වය ලබාදීමට කටයුතු කරනවා. ඉදිරි අවුරුදු නවයක කාල වකවානුව තුළ අපට හැකියාව තිබෙනවා සීග්‍ර ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට. ඒ කාලය තුළ අපට විදේශ සංචිත ප්‍රමාණයේ ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. අපනයන ආදායම වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා. කෘෂිකර්මාන්තය ධීවර කර්මාන්තය , තොරතුරු තාක්ෂණය , නිෂ්පාදන කර්මාන්තය , තේ කර්මාන්තය වැඩිදියුණු කොට රට ශක්තිමත් වූ පසු නැවත ණය ගෙවීම 2033 සිදු කිරීම අපේ රටට කළ හැකි දෙයක්. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ජනතාවගේ ඡන්ද බිලීබා ගැනීම කටයුතු කිරීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බරපතල කොන්දේසි රැසකට ශ්‍රී ලංකාව යටත්කොට තිබෙනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම වෙනස් කොට අලුත් ගිවිසුමකට යාමට සිදුවී තිබෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ යම් කිසි ගැටළුවක් නිර්මාණය වුණා. එයින් ඒ දූ දරුවන් දැවැන්ත මානසික පීඩනයකට ලක්වුනා. ඒ දූ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ දෙමාපියන් මහ පාරට බැහැලා උද්ඝෝෂණය කළා. දෙමාපියන් සමග වර්තමාන ආණ්ඩුව සාකච්ඡාවක් පැවැත්තුවා. එහිදී ඒ දෙමාපියන්ට ආණ්ඩුව පොරොන්දුවක් ලබා දුන්නා මේ ප්‍රශ්නයට ප්‍රගතිශීලී විසඳුමක් ලබා දෙනවා කියලා. නමුත් අවසානයේදී ඒ දෙමාපියන් සහ අහිංසක දූ දරුවන් රැවැත්වීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කළා. අවසානයේ ඒ දෙමාපියන්ට අධිකරණයේ පිහිට පැතීමට සිදුවී තිබෙනවා.ඒ දූ දරුවන්ට සහ දෙමාපියන්ට ආණ්ඩුවෙන් කිසිදු පිහිටක් නැහැ.ඒ වගේම උසස් පෙළ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය නොකර දරුවන්ට විභාගයට මුහුණ දීමට සිදුවී තිබෙනවා. මේ රජයට ඒ ටිකවත් නිසියාකාරව කර ගැනීමට නොහැකි වී තිබෙනවා. අද වන විට දිවා ආහාරය ලබාදෙන්නේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණියේ දරුවන්ට පමණයි. වර්තමානය වන විට ඒ ලබාදෙන දිවා ආහාරයත් විශාල අවධානමකට ලක්වී තිබෙනවා. සැපයුම්කරුවන්ගේ මුදල් පියවා නොමැති හේතුවෙන් විශාල අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම රටේ දළ දේශීය නිෂ්පාදනයට සියයට පනහකට වැඩි දායකත්වයක් ලබා දෙන්නේ ක්ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්. ඔවුන්ට අගතියක් වුන පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවන්නට අපිට හැකියාව ලැබුණා. වර්තමාන රජය දෙසැම්බර් 15 සිට නැවත පරාට ඒ නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු සූදානම් කරමින් යනවා. රටේ කර්මාන්ත ශක්තිමත් කරන වැඩපිළිවෙළ, අධ්‍යාපන සෞඛ්‍ය කරන වැඩපිළිවෙල , ගම් හදා නගර හදන වැඩපිළිවෙල ඔබ තෝරාගත යුතුව තිබෙන ඒ සඳහා ඔබගේ ශක්තිය සමගි ජන බලවේගයට ලබා දෙන්නැයි අපි ඉල්ලා සිටිනවා. එළඹෙන මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය සමගි ජන බලවේගයට ලබාදී ජනතා ආශීර්වාදයෙන් යුතු පොදු ජන හිතකාමී ආණ්ඩුවක් බිහිකිරීමට අපි කටයුතු කරනවා. ‘‘ රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘‘මේ රටේ බලයට පත් වුන ජනාධිපතිවරු නවදෙනාගෙන් කියපු දේ නොකරපු එකම ජනාධිපති අනුර කුමාර දිසානායක බව මේ වන විට රටේ ජනතාවට සනාථ වී තිබෙනවා. රටේ ආණ්ඩු බලය අනුර දිසානායක ජනාධිපතිවරයාට දෙනවාද නැතිනම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න සජිත් ප්‍රේමදාස අගමැති කරනවාද කියා රටේ ජනතාව මේ වන විට කල්පනා කරමින් සිටිනවා. පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අනුර දිසානායක ජනාධිපතිවරයාට ප්‍රාදේශීය සභාවකවත් බලය ලබා නොදිය යුතු බවට ඇල්පිටියේ ජනතාව තීන්දු කරනු ලැබුවා. අද රටේ පත්වී සිටින්නේ සුළුතරයකින් බලයට පැමිණි ජනාධිපතිවරයෙක්. ඔහුට ලැබුණේ සීයට 42 ක ඡන්ද ප්‍රතිශතයක්. නමුත් විපක්ෂය සියයට පනස් අටක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. අනුර දිසානායක ජනාධිපතිවරයාට ඡන්ද ලක්ෂ පනස් එකක් ලැබෙද්දී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයට ලක්ෂ හැත්ත හතක ඡන්ද්‍ර ප්‍රමාණයක් ජනාධිපතිවරණයේදී ලැබී තිබුණා. ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු නොකළ ජනාධිපතිවරයා තවදුරටත් බලය ලබා නොදී මෙවර මහමැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ අගමැතිවරයා ලෙස පත් කරන්න රටේ ජනතාව මේ වන විට පෙළ ගැසී සිටිනවා ඒවගේම මේ රටේ හාල් වලට අත තිබූ ජනාධිපතිවරුන්ට බලය රැඳී සිටීමට නොහැකි වුණා. අනුර දිසානායක ජනාධිපතිවරයා ජනාධිපතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කළා අඩු මිලට හාල් ලබාදීමට කටයුතු කරනවා කියලා. නමුත් හාල්මිල සීඝ්‍රයෙන් මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. අනුර දිසානායක ජනාධිපතිවරයා හාල් මෝල් කාරයින්ගේ සල්ලි වලට යට වෙලා ඒ හාල් මෝල් කාරයින්ගේ මුදල් මැතිවරණ ව්‍යාපාර වලට යොදවාගෙන අනුර දිසානායක අද කරගන්න දෙයක් නැතුව සිටිනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කළා හාල්මෝල් මාෆියාව මුළුමනින්ම නැති කරනවා කියලා. එය සිදුවන තුරු අපි බලා සිටිනවා. ඒ වගේම අඩු නිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කළා මහ මැතිවරණයට පෙර විදුලි බිල අඩුකරනවා කියලා. අනුර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු ජාතික ජන බලවේගයේ මෙවැනි පොරොන්දු වලට නැවත ජනතාව රැවටෙන්නේ නැහැ. එදා පැවති රජයවල් ද්‍රවිඩ ජනතාවට ඡන්ද අයිතිය ලබාදීමට කටයුතු කිරීමේදී එය ලබා නොදීමට කටයුතු කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් එදා ප්‍රකාශ කළා. එසේ ප්‍රකාශ කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට ද්‍රවිඩ ජනතාවගෙන් ඡන්දය ලබාදෙන්නැයි ඉල්ලීමට කිසිදු අයිතියක් නැහැ. විජිත හේරත් ඇමතිවරයා මේ වන විට මාධ්‍යයට විවිධ තර්ජන එල්ල කරමින් සිටිනවා. කෙසේ නමුත් මේ රටේ මාධ්‍ය නිදහස රැක ගැනීමට සජිත් ප්‍රේමදාස සහ සමගි ජනබලවේගය ජීවිත පරිත්‍යාග කොට වැඩ කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ජාතික ජන බලවේගය ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තුව සුද්ද කළ යුතුයි කියලා. ජනතා විමුක්ති පෙරමුණ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කීර්ති අබේවික්‍රම මහතා ඝාතනය කොට හලපු ලේ තවම පාර්ලිමේන්තුවේ තිබෙනවා. ඇතුළත්මුදලි මහතාට සහ ප්‍රේමදාස මහතාගේ ලේ සෙලවීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළා. ඒ ලේ පිරිසිදු කරන්නද ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේග කණ්ඩායම පාර්ලිමේන්තුවට එන්නේ කියලා අපි අහන්න කැමතියි. ඒ වගේම අරගලය වෙලාවේදී පාර්ලිමේන්තුව වටකොට පාර්ලිමේන්තුවට ගිනි තියන්න ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් පිරිස් කටයුතු කරනු ලැබුවා. මෙවර මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට රටේ ජනතාව බහුතරයක් ලබාදීමට කටයුතු කරන්නේ නැහැ. ඔවුන් සියයට අඩු ආසන සංඛ්‍යාවක් තමයි මෙවර ජයග්‍රහණය කරන්නේ. ඒ වගේම ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දුන් රජයේ සේවකයන් බලාගෙන සිටියා ඔවුන්ගේ වැටුප වැඩිකරනකන්. දැන් ජාතික ජන බලවේගය ප්‍රකාශ කරනවා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට කමිටුවත් පත් කළ යුතු බව. නමුත් මෙවර මහ මැතිවරණයේදී රජයේ සේවකයන් ජන බලවේගයේ බොරු පොරොන්දු වලට නොරැවටී සමගි ජන බලවේගයට ඡන්දය ලබා දී තිබෙනවා. . සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය මෙවර මහ මැතිවරණයේදී ආසන එකසිය විසි පහකට වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කොට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සමගි ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරනවා.‘‘ වරුණ ලියනගේ මහතා ‘‘මෙවර පැවැත්වෙන්නේ සමගි ජන බලවේගය මුහුණ දෙන තුන්වන මැතිවරණයයි. මෙවර පැවැත්වෙන මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් අඩියක්වත් පසු පසට නොතබා මේ රටේ අගමැතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කර ගැනීමට එකතු වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමට සමගි ජන බලවේගය අපට කළ හැකි උපරිම දායකත්වය ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ වගේම සෑම දිස්ත්‍රික්කයකම පිහිටි ගම්වල ගෙයින් ගෙට ගොස් සමගි ජන බලවේගය ජයග්‍රහණය කරලීමට අවශ්‍ය වටපිටාව මේ වන වනවිට අපි සකස් කර අවසානයි. ඒ වගේම සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය පාර්ලිමේන්තුවේදී රටේ ජනතාව වෙනුවෙන් විශාල හඬක් නගපු නායකයෙක්. මේ රටේ ආර්ථිකය අර්බුදය පැවති සමයේදී රටේ ව්‍යාපාර වසා දමා , ඒ ව්‍යාපාර රජයට සින්න කර ගැනීමට පරාටේ නීතිය ගෙන ඒමට කටයුතු කරන අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා ඒ වෙනුවෙන් පෙනී සිට පරාටේ නීතිය කල්දැමීමට කටයුතු කරනු ලැබුවා. ඒ වගේම පසුගිය රජයවල්වල සිටි ඇමතිවරු ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙන ඒමට කටයුතු කිරීම හේතුවෙන් රටේ ජනතාව විශාල අපහසුතාවයකට පත්වුණා. ඒ වෙනුවෙන් පෙනී සිටි සජිත් ප්‍රේමදාස මහතා බාල බෙහෙත් රටට ගෙන්වීමට කටයුතු කළ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්කැල්ල මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඔහුට නීතියෙන් දඬුවම් ලබාදීමට කටයුතු කළා. රට ආර්ථික අර්බුදයට වැටී තිබෙන අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නා ලෙස මුලින්ම ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතායි. නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ එම ඉල්ලීම ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම පිළිගත්තේ නැහැ. අවසානයේදී රට බංකොලොත්භාවයට පත්වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමඟ සමගි ජන බලවේගයේ කණ්ඩායම ඊට පක්ෂව ඡන්දය ලබා දුන්නා. නමුත් වර්තමාන ආණ්ඩුව හොබවන අනුර , හරිනි ඇතුළු පිරිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවට විරුද්ධව තමයි ඡන්දය ප්‍රකාශ කළේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ පුද්ගලයා අද රටේ ජනාධිපති බවට පත්වී තිබෙනවා. මේ වැරැද්ද ඉක්මනින් නිවැරදි කළ යුතුයි.‘‘ ඉමිතියාස් බාකිර් මාකාර් මහතා ‘‘රටේ මේ වන විට පත්වී තිබෙන්නේ සුළුතරයකින් පත්වුණ ජනාධිපතිවරයෙක්. ජනාධිපතිවරණයේදී අනුර දිසානායක මහතා ලබාගත්තේ සියයට හතළිස් දෙකක ඡන්ද ප්‍රතිශතයක්. ඔවුන් ඒ සියයට හතළිස් දෙකක ඡන්ද ප්‍රතිශතය ලබා ගත්තේ වෙස් මුහුණක්පැළඳගෙනයි. අනර දිසානායක ඇතුළු පිරිස ඔවුන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නැති කොටසක් බවට ජනතාවට පෙන්වන්න උත්සාහ කළා. ඔවුන් ජාතික ජන බලවේගය කියන වෙස් මුහුණ බැඳගෙනයි කටයුතු කළේ. ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරන්නයි ඉල්ලා ගුරුවරුන්ව පාරට බැස්වීමට ජාතික ජන බලවේගයේ කටයුතුකළා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්නයි ඉල්ලා රාජ්‍ය සේවකයන්වත් පාරට බැස්සීමට ජාතික ජන බලවේගයේ කටයුතු කළා. නමුත් වර්තමාන ආණ්ඩුව පත් වී මේ වනවිට දින ගණනාවක් ගතවී ගොස් තිබෙනවා. තවම රාජ්‍ය සේවක වැටුප් සහ ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කරලා නැහැ. ජාතික ජන බලවේගයේ නිරුවත මේ වන විට හෙළිවෙමින් පවතිනවා. ඒ වගේ මොවුන්ගේ අවස්ථාවාදීත්වයත් මේ වන විට හෙළි වෙමින් පවතිනවා. ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණුදෙනු කර ශක්තිමත් වුන රටක් නැහැ කියලා. ඒ වගේ මොවුන් ප්‍රකාශ කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගන්නේ නැහැ කියලා. නමුත් අවසානයේදී ජාත්‍යන්තර මූලය අර මුදල සමඟ ගිවිසුම් ගත වී තිබෙන ආකාරයටම කටයුතු කරන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුව විශාල ප්‍රමාණයක් ණය ලබාගෙන තිබෙනවා. ජාතික ජන බලවේග ආණ්ඩුවට රට ගොඩ ගැනීමට කිසිදු සැලසුමක් නැහැ , නිවැරදි කණ්ඩායමක් නැහැ , නිවැරදි වැඩපිළිවෙලක් නැහැ. ඔවුන්ට ආණ්ඩු බලය ගත්තාට පසුව තමයි එහි ගැඹුර පෙනී තිබෙන්නේ. ඔවුන්ට බලය ගත්තාට පසුව තමයි රටක් පාලනය කිරීම පිළිබඳව වගකීම දැනී තිබෙන්නේ. නමුත් ඔවුන් මේ වන විටත් ඉබාගාතේ ගමන් කරමින් සිටින්නේ. මේ ආකාරයට රට ගොඩ ගැනීමට හැකියාවක් නැහැ. ඒ වගේම ජාතික ජන බලවේගය පිරිස් ප්‍රකාශ කරනවා රටේ වෘත්තීය සමිති විසුරුවා හරිනවා කියලා. වර්තමාන ආණ්ඩුව රටේ වැඩ කරන ජනතාවට තමයි මේ අභියෝග කර තිබෙන්නේ. වර්තමාන ආණ්ඩුව මේ අභියෝග කරන්නේ ලෝකයම පිළිගත් කම්කරු ප්‍රඥප්තියටයි. මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග කණ්ඩායම මේ වන විට මාධ්‍යයට විවිධ තර්ජන එල්ල කරමින් සිටිනවා. ඒ වගේම ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා මාධ්‍යයට අලුත් ඇඳුම් ඇඳගන්නයිි කියලා. මාධ්‍යයට ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නැයි කියා තමයි ජනාධිපතිවරයා ඒ ප්‍රකාශ කරන්නේ. ඒ වගේම පාර්ලිමේන්තුවට විපක්ෂයක් අවශ්‍ය නැති බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කරනවා. වැඩි බලය දුෂණයට මග විවරවනන බව අනුර දිසානායක මහතා ප්‍රකාශ කළා. නමුත් මේ වන විට ඔවුන් ප්‍රකාශ කරන්නේ රටට විපක්ෂයක් අවශ්‍ය නැහැ මාලිමාවෙන් පාර්ලිමේන්තුව පිරවිය යුතු බවයි. ජාතික ජන බලවේගය කිරීමට හැකි දේවල් නෙවෙයි ප්‍රකාශ කළේ. ඒ වගේම කියපු දේවල් නෙවෙයි ඔවුන් මේ වන විට සිදු කරමින් පවතින්නේ. ලෝකයේ කිසිදු රටක් වමේ ප්‍රතිපත්ති අනුගමනය කර ශක්තිමත් වුණේ නැහැ. ඒ රටවල් සියල්ල බංකොලොත් භාවයට පත්වුණා. ලෝකයේ සියලුම කොමියුනිස්ට් රටවල් මේ වන විට බංකොලොත්භාවයට පත්වී තිබෙනවා. ලෝකයේ ශක්තිමත් වී තිබෙන්නේ කොමියුනිස්ට් ප්‍රතිපත්ති වලින් ඈත් වුන රටවල් පමණයි. ඒ නිසා ලෝකයේ නැගිටිච්ච රටවල් , ලෝකයේ පොහොසත් වුණ රටවල් , ලෝකයේ රැටිරැකියා. ප්‍රශ්නය විසඳපු රටවල් , ලෝකයේ ආර්ථිකය ශක්තිමත් වුන රටවල් ගමන් කළ මාර්ගය තමයි අපි ගමන් කළ යුතුව තිබෙන්නේ. ඒ මාර්ගයට ලංකාව ගෙනයාමට හැකි දක්‍ෂකණ්ඩායම , වැඩපිළිවෙළ සහ නායකත්වය තිබෙන්නේ සමගි ජන බලවේගයේ සහ සමග ජන සන්ධානයේ පමණයි.‘ හේෂා විතානගේ මහතා ‘‘ජනාධිපතිවරයෙක් ප්‍රකාශිත ඡන්ද වලින් වැඩි පිරිසක් විරුද්ධව පත්වුණ ජනාධිපතිවරයෙක් තමයි මේ වන විට රට පාලනය කරන්නේ. වර්තමාන ජනාධිපතිවරයාට කැමැත්ත ලැබී තිබෙන්නේ සියයට හතළිස් දෙකක පමණයි. සියයට පනස් අටක් අනුර දිසානායක ජනාධිපතිවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ව්‍යවස්ථාව අනුව අපේ ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක පත් වූවත් ජනාධිපතිවරයාට විශාල විරුද්ධ මතයක් රට තුළ තිබෙනවා. අනුර දිසානායක ජනාධිපතිවරයා ජනතාවට රට ගොඩනඟන වැඩපිළිවෙළ පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදුකළේ නැහැ. අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසට එවැනි වැඩපිළිවෙළක් නැහැ. මේ රටේ ආර්ථිකය හදන ක්‍රමවේදයක් සහ ආර්ථික දැක්මක් රට වැටී තිබෙන අගාදයෙන් ගොඩ ගන්නා ක්‍රමය ජනතාවට ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතා පමණයි. අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේග කණ්ඩායමේ ආර්ථික දැක්ම පිළිබඳ රටට ඉදිරිපත් කරන්නයි අපි ඉල්ලා සිටිනවා. ඔවුන්ට එවැනි වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා ඔවුන්ට ජනතාව ඉදිරියේ එක වැඩපිළිවෙළක් පිළිබඳව ඉදිරිපත් කිරීමට හැකියාවක් නැහැ. මාක්ස්වාදය කරපින්නාගෙන පැමිණි අනුර දිසානායක ඇතුළු පිරිස මේ වන විට ධනවාදයේ අන්තයට ගොස් තිබෙනවා. ජනාධිපතිවරණ වේදිකාවේ අනුර දිසානායක මහතා ප්‍රකාශ කළා රට වංචාවෙන් දූෂණයෙන් තොර රටක් බවට පත් පත් පත්කරනවා කියලා. පවුල් පාලනය සහමුලින්ම තුරන් කරන බවත් ඔවුන් ප්‍රකාශ කළා. උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන බවත් ඔවුන් ප්‍රකාශ කළා. නමුත් සජිත් ප්‍රේමදාස මහතා එදා ප්‍රකාශ කළේ රටේ සියලුම පාසල් සුහුරු පාසල් බවට පත්කරන බවත් , පාසල් දරුවන් ඉංග්‍රීසි දැනුමෙන් සහ තොරතුරු තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ කරන බවත් , මෙවැනි දේවල් අනුර දිසානායක මහතා එදා ප්‍රකාශ කළේ නැහැ. රටේ ජනතාවට අලුත් සුභ සාධන වැඩසටහනක් ආරම්භ කරන බව ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතා පමණයි. අනුර දිසානායක මහතා එවැනි දේවල් ප්‍රකාශ කළේ නැහැ. රටේ දමිල ජනතාව වෙනුවෙන් ඔවුන්ටම හිමි ඉඩමක් ලබාදී ශක්තිමත් කරන බව ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතා පමණයි. ඒවා අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ නෑ. ඔවුන් දමිළ ජනතාව ගැන වචනයක්වත් කතා කළේ නැහැ. ඒ වගේම පවුල් පාලනේ නැති කරන බව කියූ අනුර දිසානායක මහතා කිසිදු ලැජ්ජාවක් නැතුව බිමල් රත්නායකගේ භාර්යාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරනවා. ඒ වගේම ජාතික ජනබලවේගයේ මහ ලේකම් නිහාල් අබේසිංහ සහ ඔහුගේ පුතත් මෙවර මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් තරග කරනවා. මේ පවුල් පාලනය නොවෙයිද. මහින්ද රාජපක්ෂ කරත් වැරැද්ද අනුර දිසානායක කරත් වැරැද්ද. මෙවැනි කාරණා නිසා ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දුන් රාජ්‍ය සේවකයන් විශාල ප්‍රමාණයක් අනිත් පැත්ත හැරී තිබෙනවා. මෙතෙක් හිටපු ඇමතිවරු සිදුකළ නොකළ වැඩ කොටසක් රට වෙනුවෙන් සිදුකිරීමට සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව තුළ ඒ අවශ්‍ය පරිසරය නිර්මාණය කරනවා.‘‘




























