Saturday, May 23, 2026
HomeNEWSහරිනි අගමැති ධූරයෙන් ඉවත්කර සමන්මලී පත්කරන ලෙසට දිලිත්ගෙන්ජනපතිට යෝජනාවක්.

හරිනි අගමැති ධූරයෙන් ඉවත්කර සමන්මලී පත්කරන ලෙසට දිලිත්ගෙන්ජනපතිට යෝජනාවක්.

මෙරට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන නොගත් කාන්තාවක් වන හරිනි අමරසුරිය අගමැති තනතුරින් ඉවත් කර ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායකගේ බිරිද වන ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් සමන්මලී ගුණසිංහ අගමැති කරන ලෙස සර්වජන බලය ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර ජනාධිපති අනුර කුමාර දිසානායකට යෝජනා කරයි.ව්‍යවසායක දිලිත් ජයවීර මෙම යෝජනාව සිදු කළේ මහරගම ඊයේ (11) පැවති අවසන් ජනරැලිය අමතමින්ය.”එතකොට ලංකාවේ ජනතාව අනුර කුමාරට කියයි අන්න අනුර හොද වැඩක් කරලා තියෙනවා කියලා.” යැයිද හෙතෙම කිවේය.එමෙන්ම කඩවත පෙරේදා (10) පැවති ජනරැලියක් අමතමින් ඔහු සදහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු ඉල් මහ විරුවන් ඝාතනය සම්බන්ධයෙන් සෙවීමට කොමිසමක් පත්කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකට යෝජනාවක් කරන බවය.”අනුර කුමාර ජනාධිපතිතුමනි. ඔබතුමාගේ නායකයා ඒ ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා අමු අමුවේ කනත්තේ ආදාහනාගාරයට දාපු ඒ ඝාතනය කරපු එක ගැන ඔබතුමා ජනාධිපති වුණ දවසේ ඉදලා හොයයි කියලා අපේ ගමේ මිනිස්සු බලාගෙන ඉන්නවා.” යැයිද හෙතෙම කිවේය.ඒ අනුව පෙරේදා (10) සහ ඊයේ (11) පැවති ජනරැලිවලදී ව්‍යවසායක දිලිත් ජයවීර මෙසේද පැවසීය.”අපේ විශ්වවිද්‍යාලයේ අපිත් එක්ක එකට හිටපු අය ඝාතනය වුණා. ඒ ඔක්කෝම අය ගමෙන් ආපු අහිංසක මිනිස්සු. ඒගොල්ලන්ට තිබුණේ නෑ කොළඹ හයිය. ඒ අයට තිබුණේ නෑ NGO හයිය. තාජුඩීන් ගැන තියෙන අමාරුව, ලසන්ත ගැන තියෙන අමාරුව, එක්නැලිගොඩ ගැන තියෙන අමාරුව තියෙන්න ඕනේ අපේ ඉල් මහ විරුවන් ගැනත්. අන්න ඒ ගැනයි ඔහුට මතක් කරලා දෙන්නට ඕනේ. අපි එනවා පාර්ලිමේන්තුවට එඩිතර විපක්ෂය හැටියට. මේ රටේ අර අහිංසකව ඝාතනය වුණ සියලුදෙනා ගැන සොයන්නට කොමිසමක් දාන්නට අපි ගේනවා යෝජනාවක්. අපි හිටගන්නවා අනුර කුමාර සහෝදරයත් සමග. ඒ වගේම අද අපිට කාටවත් දොස් කියන්න බැහැ. අපි නිර්මාණය කරලා තියෙන්නේ මේ රටට ආදරය කරන මේ රටේ මව්බිමට ආදරය කරන මිනිසුන්ගේ කඳවුර. මෙකේ කිසි දූෂිතයෙක් නැහැ. අපි මේ දේශපාලනය කරලා පෙන්වනවා මේ හොර දූෂිත දේශපාලනය අවසන් කරන්න. හොරු අල්ලනවා කියලා මේ රටේ මිනිස්සු රවට්ටාගෙන එකෙන් බලයට ආපු අනුර කුමාරටත් කියන්න ඕනේ එඩිතර විපක්ෂය මඟ එනවා කියලා. මේ රට ධනාත්මක කරන්න ඕන. දියුණුව අපේක්ෂා කරන ජනතාවගේ පක්ෂයක් අපි. මේ රට බෙදන්න ඉඩ තියන්න බැහැ. එය පරාජය කරන්න ඕන. මිනිස්සු රවට්ටලා මේ දේශපාලනය කරන්න ඉඩතියන්නේ නැහැ. කෙතරම් කුඩා කලයකින්ද මේ දේශපාලන සංවිධානය ලංකාවේ ප්‍රභලතම දේශපාලන සංවිධානයක් උනේ. සර් ව ජන බලයයි මව්බිම ජනතා පක්ෂයටයි තාම අවුරුද්දක්වත් නැහැ. අවුරුද්දක් යන්න කලින් අපි මේ ලබාගත්ත දේවල් බොහොමයක් තියනවා. අපිට බැහැ කියන සංකල්පය අයින් කරන්න ඕන. මාලිමා ආණ්ඩුව අද කරන්නේම බාල වැඩ. ඔවුන් ඍණාත්මක සංකල්ප පතුරවනවා. ඒ නිසා සර්වජන බලය කියන්නේ දියුණු වෙන මිනිසුන්ගේ පක්ෂයක්. 14 වැනිදා ඉතාම තීරණාත්මකයි. ජනපති සහෝදරයා අමාරුවක වැටිලා ඉන්නේ. අපි ඔහුව බේරා ගන්න ඕන. අපි ජනපතිගේ බය නැති කරන්න ඕන අපි පාර්ලිමේන්තුවට ගිහින්. දැන් අගමැති කරලා තියෙන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යපනය ලැබූ කාන්තාවක් නෙවේ. පිටරට පන්නයට ඇය හැසිරෙන්නේ. වලව් පන්තිය නියෝජනය කරන. ඊයේ පෙරේදා ජාතික ජනබලවේගය නියෝජනය කරන රතු පාට රෝස පාට කරගෙන ආපු කාන්තාවක්. ඒ නිසා පොළොවේ පය ගහපු කෙනෙක් අගමැති කරන්න ඕන. අපි ජනපතිට යෝජනා කරනවා ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායකගේ බිරිද වන සමන්මලී ගුණසිංහ අගමැති කරන්න කියලා. මොකද අමාරුවෙන් සිංහල කතා කරන කෙනෙක් තමයි හරිනි අමරසුරිය කියන්නේ. මේක නාඩගමක්. ඔබේ පක්ෂය කොළඹදී පිරිහෙලා. ඒ නිසා සමන්මලී ගුණසිංහ අගමැතිනි ලෙස යෝජනා කරන්න පුළුවන්. අනුර කුමාර රනිල්ගේ ලණු කාලා ගෙදර යන්න සිද්ද වෙන දවසට අපිට ඉන්නවා අනුරාධා යහම්පත් මැතිනිය වගේ දේශීය සභ්‍යත්වයට ගරු කරන ජාතිකත්වයට ගරු කරන කාන්තාවක්. එතකොට අපිට පුළුවන් මේ ඉන්නේ කියලා පෙන්වන්න. ඒ නිසා කොළඹ අතරමන් වූ අනුර කුමාරට අපිට පුළුවන් මග පෙන්වන්න. අනුර කුමාරට ඉංග්‍රීසි බැරි නිසා අන්තර්ජාතික සමුළු තුනක් සහභාගී නොවී මගහැරියා කියලා සමාජ මාධ්‍ය කියනවා. අපිත් අමාරුවෙන් තමයි ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. ඒ නිසා අනුර කුමාරට කියන්න ඕන එඩිතර විපක්ෂය අපි ඔක්කොම ටික ටික ඉංග්‍රීසි කතා කරන නිසා අපිට පුළුවන් එතුමා සමග රට යන්න. එතකොට විපක්ෂයේ කාර්යභාරය අපි ඉෂ්ඨ කරනවා. එතුමා කියන ඒවා අපි ඉංග්‍රීසියට පරිවර්තනය කරන විට හරිනි වගේ තමන්ගේ අතින් දාලා කියන්නේ නැහැ. අපි රට වෙනුවෙන් ඒවා පරිවර්තනය කරලා දෙන්න පුළුවන්. අපි හැම අතින්ම සුදුසුකම් සහිත එඩිතර විපක්ෂයක් අපි. අපි ගොඩක් දුක් වින්දා. අපේක්ෂා භංගත්වයට පත් වුණා. ජනතාව මුලා කළා. දැන් ඒ දේවල් කළා ඇති. මෙවර අපි හදන විපක්ෂය ලංකාවේ ලොකුම ආණ්ඩුව. එඩිතර විපක්ෂයට නියෝජනය කරන්න වෙනවා ලංකාවේ බහුතර මිනිසුන්. මොකද ඔවුන්ට ඡන්දය දීලා තියෙන්නේ සුළුතර ජන්ධිපතිවරයෙක් පත් කර ගැනීම සදහා. ඔබට ලැබුනු අවස්ථාව නිසි ලෙස ප්‍රයෝජනයට ගන්න. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර රනිල් වික්‍රමසිංහ කියන්නේ එසේ මෙසේ බඩුවක් නෙවේ. නරියන්ට කපටිකම් ටියුෂන් දෙන බඩුවක්. හැබැයි මෙදාපාර රනිල් මහතාට වැරදිලා. ගෑස් ටැංකිය දිහා බලාගෙන කියනවා හිස් ටැංකියක් වගේ මේ මගේ ජිවිතේ මල්ලි කියලා හාන්සි පුටුවේ වාඩිවෙලා ඉන්නවා. ඒ තරම් වැටිලා. ඊළගට ඉන්නවා සජිත් ප්‍රේමදාස දුරකතනයෙන්. ඔහුගේ මුහුණ බලන්න දුකයි. හරියට හුබහයෙන් ඇදලා දාපු තලගොයා වගේ. ඒ තරම් වැටිලා. නාමල් බේබි ගැන කතා කරන්න දෙයක් නැහැ. කටට සුප්පුවක් දීලා නලවන එක විතරයි අපිට කරන්න තියෙන්නේ. අනිත් කෙනා අනුර කුමාර දිසානායක. ඔහේ අතේ ලේ තැවරිලා නැද්ද? 88/89 මතකද? ඒ කාලේ හිටියා ගෝනි බිල්ලෙක්. ගෝනි බිල්ලා තමයි විජිත හේරත්. තමන්ගේ පිල පාවා දීලා ගෝනි පඩංගු ඔලුවේ දාගෙන හමුදා ජීප් රථයේ නැගලා තමන්ගේ පිලේ සටන් කරපු පිරිස් අල්ලලා දීපු ඔහු අදත් ලොකු තනතුරක. තවත් කෙනෙක් ඉන්නවා ඊයේ පෙරේදා දේශපාලනයේ ඉදුල් කටගාගෙන අගමැතිකමට ගියා. එයා හරිනි නෙවේ වැරදුනි. මෙරට බුද්ධශාසනයට අපහස කරමින් කටයුතු කරන ඇය කියනවා දළදා පෙරහැරේ යන්න ඕන කාඩ්බෝඩ් අලි කියලා. අපි ඇයට අභියෝග කරනවා බුද්ධශාසනයට අත තියපු කෙනෙක් මේ රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප නොවී බේරුනේ නැහැ. හෙට අනිද්දාට දේශපාලන කුණු බක්කියට හරිනි අමරසුරිය යන්න ඔය කතාවම ප්‍රමාණවත්. මාලිමාවට ඡන්දය දෙන්න ගියේ පෝලිම්වල බයිලා කිය කිය. අනුර කුමාර කිව්වා අපි බලයට ආපු වාහාම වැට් බදු අයින් කරලා බඩු මිල අඩු කරනවා කියලා. සියයට 40කින් විදුලි බිල අඩු කරනවා කිව්වා. මේවා සිද්ද වුණාද. අද සහල් නැහැ. ලාබෙට කාපු පරිප්පුවලටත් බද්දක් ගැහුව්වා. රුපියල් ලක්ෂ ගණන් වටිනා ඇදුම් පැළදුම් අදින ජනපති අද මොකද කරන්නේ. දෑතේ ලේ තැවරුණු නායකයා මේ රටේ ජනතාව මුලා කරලා ලොකු පුටුවේ වාඩි වුණා. පලමුවතාවට ත්‍රස්තවාදියෙක් ජනපති පුටුවේ වාඩි වුණා. රට අවාසනාවන්තයි. දැන් ත්‍රිපෝෂ සමාගම වහන්න යන්නවා. කොහොමද මේ තුන්දෙනාගේ වැඩ. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහසමගි ජන බලවේගය අද පරාජය වෙලා. සිලින්ඩර් සන්ධානය අද පරාජය වෙලා. ඔවුන් ජනාධිපතිවරණයේදී පරාජය වුනා වගේ තමයි පාර්ලිමේන්තු මැතිවරණයේදීත් පරාජය වෙන්නේ. අර්බුදය නිසා තමයි ගෝඨාභය රාජපක්ෂට පවා යන්න වුණේ.කෙටි කාලයක් තුල දැන් ණය ගන්නවා මේ රජය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අපි ජනපතිට අභියෝග කරනවා පුළුවන් නම් ජනාධිපතිවරණයේදී මාලිමාව ලබා ගත්ත ඡන්දවලට වඩා එකක් හරි ඡන්ද වැඩියෙන් අරන් පෙන්වන්න කියලා. එහෙම ගන්න පුළුවන් වුනොත් ආණ්ඩුව ගැන අපි කරන විවේචන මාස තුනකට නතර කරලා දෙන්නම් කියලා අපි ජනපතිට පොරොන්දු වෙනවා. අපි ඔබගේ අභියෝගය භාර ගන්න සුදානම්. අපි අපේ ඡන්දය ලක්ෂ ගණනින් වැඩි කරලා පෙන්වන්නම්. ඔබයි ගෝලයින් රොත්තයි රටට කියන බොරු ටික නතර කර ගන්න. මේ අයට අනිවාර්යෙන්ම මලිමාවේ ඡන්ද අඩු වෙනවා. මොකද ජනතාවට දැන් තේරිලා තියෙන්නේ මේ අය බොරු කරනවා කියලා. ඒ බොරු එකතු කරලා බැලුවාම මාලිමාවේ නායකයින් සති හතක් යන්නත් කලින් කියපු දේවල්වලින් 37ක්ම බොරුවෙලා ඉවරයි. ඒ විතරක් නෙවේ මේ අය කට ඇරියොත් කියන්නේ ගොන් කතා. දැන් පොල් මිල කීයද? 200යි. මේ ආණ්ඩුව ගෙදර යනතුරු පොල් මිල බහින්නේ නැහැ. මේ ආණ්ඩුව අත්දැකීම් නැති නිසා වැඩ බැරි ආණ්ඩුවක්. අනුර කුමාර ජීවිතේට නගර සභාවක් පාලනය කරලා නැහැ. අඩුම ගානේ ගෙයක් පාලනය කරලා නැහැ. එහෙම එක පාරටම ජනපති පුටුවේ වාඩි වුනාම එහෙම වෙනවා. ආණ්ඩුව මාලිමාවේ වුනාට රට ජනතාවගේ. ආණ්ඩුව වලට වැටෙනකොට සාදු කියන විපක්ෂයක් නෙවේ අපි. ඔවුන් බේරා ගන්න විපක්ෂයක් අපි. අපි එඩිතර විපක්ෂයක්. මේ ආණ්ඩුව නිසිමග අරන් යාමේ වගකීම අපිට තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img