Saturday, August 15, 2026
HomeNEWSමැණික් පතලක් තුළ සිරවී දෙදෙනෙක් මරුට

මැණික් පතලක් තුළ සිරවී දෙදෙනෙක් මරුට

මැණික් පතලක් තුළ සිරවී දෙදෙනෙක් මරුට

අවිස්සාවේල්ල පොලිස් වසමේ වෙරලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මැණික් පතලක් තුළ සිරවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඊයේ (27) රාත්‍රී 7.00ට පමණ එම සිද්ධිය වාර්තා වී ඇත.

පැවැති වර්ෂාවත් සමග පතල තුළ විදුලිය විසන්ධි වී ඇති අතර ඒත් සමගම පතල තුළට ගොස් තිබූ දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ පා තිබේ.

පතල තුළ සිරවී මියගිය දෙදෙනාගේ සිරුරු මේ වනවිට අවිස්සාවේල්ල රෝහලේ තැන්පත්කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම පුද්ගලයින් දෙදෙනාගේ මියයෑම සිදුවූ ආකාරය සොයා පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවය. 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

අදාළ පතල සම්බන්ධයෙන් ද පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඇමති හඳුන්නෙත්ති මෙල්බර් නුවරදිි සාකච්ඡා අරඹයි

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ විශේෂ සාකච්ඡා වටයක් මෙල්බර්න් නුවරදී සාර්ථකව...

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව,...

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img