Saturday, August 15, 2026
HomeNEWSයාපනයේ කොවිඩ් පොකුර තවත් ඉහළට

යාපනයේ කොවිඩ් පොකුර තවත් ඉහළට

යාපනයේ කොවිඩ් පොකුර තවත් ඉහළට

යාපනය දිස්ත්‍රික්කය තුළ ඊයේ (27) දිනයේ සිදුකරන ලද PCR අනුව කොවිඩ් -19 ආසාදිතයින් 143 දෙනෙකු හඳුනාගෙන තිබේ.

යාපනය තිරුනෙල්වේලි පොළ තුළ සහ එහි වෙළෙඳසැල් තුළ සේවය කළ 127 දෙනෙකු, යාපනය රෝහල තුළින් 11 දෙනෙකු එලෙස හඳුනාගත් ආසාදිතයින් අතරට අයත් බව උතුරු පළාත් සෞඛ්‍ය  අධ්‍යක්ෂ ඒ.කේදීශ්වරන් මහතා පැවසීය.

රෝහල් පරිශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින් අතර රෝගීන් 7ක්, වෛද්‍ය සිසුන් 3ක් සහ රෝහල් සාත්තු සේවකයෙක් වෙයි.

යාපනය දිස්ත්‍රික්කය තුළින් ගතවු සතියක කාලය තුළ ආසාදිතයින් 292ක් වාර්තා වී ඇති අතර යාපනය රෝහල තුළින් 30 දෙනෙකු හඳුනාගෙන ඇති බවද ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

පවතින කොවිඩ් -19 අවදානම සලකා යාපනය නගරයේ කොටසකට සංචරණ සීමා පනවා ඇති අතර යාපනය පොළ භූමිය, තිරුනෙල්වේලි පොළ භූමිය, යාපනය කොටුව සීමාව, කන්කසන්තුරය මාර්ගය හඳුනාගත් ස්ථාන, යාපනය පැරණි බස් නැවතුම්පොළ ඇතුළු හඳුනාගත් ස්ථාන රැසකට සංචරණ සීමා පනවා ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඇමති හඳුන්නෙත්ති මෙල්බර් නුවරදිි සාකච්ඡා අරඹයි

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ විශේෂ සාකච්ඡා වටයක් මෙල්බර්න් නුවරදී සාර්ථකව...

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව,...

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img