Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsමැතිවරණයේ පසු විපරම

මැතිවරණයේ පසු විපරම

මැතිවරණයේ පසු විපරම

2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් අත්කරගෙන තිබේ.

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 59.09ක් ලැබූ එම පක්ෂය සමස්ත මන්ත්‍රී ආසන 145ක් දිනාගැනීම විශේෂත්වයක් වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයේ දී ඡන්ද 6,853,690ක් ලබාගැනීමට සමත් වුණි.

ඔවුන් මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 19ක බලය හිමිකරගත් අතර එහිදි මන්ත්‍රී ආසන 128ක් ලබාගත්තේය.

ජාතික ලැයිස්තුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 17කි.

සමගි ජනබලවේගය පක්ෂය ඡන්ද 2,771,980ක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 23.9ක් වේ.

ඔවුන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07ත් සමග සමස්ත මන්ත්‍රී ආසන 54ක් දිනාගත්තේය.

සමගි ජන බලවේගය මැතිවරණ කොට්ඨාශ 10ක් ජයග්‍රහණය කළේය.

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඡන්ද 327,168ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 10ක් හිමිකර ගැනීමට සමත් වුණි.

ජාතික ජන බලවේගය පක්ෂය ඡන්ද 445,958ක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 3.84ක් වේ.

ඔවුන් කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවලින් එක් මන්ත්‍රී ධුරය බැගින් දිනාගත් අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ද සමග ඔවුන් ලබාගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 03කි. 

අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය ඊපිඩිපි පක්ෂය මෙවර මැතිවරණයේ දී මන්ත්‍රී ධුර දෙක බැගින් දිනාගත්තේය.

එක්සත් ජාතික පක්ෂයට මෙවර දිවයිනෙන්ම ලබාගත හැකි වුයේ ඡන්ද 249,435ක් පමණයි.

එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 2.15ක් වන අතර ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් පමණක් හිමිවේ.

අපේ ජන බල පක්ෂය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට සමත් වුණි.

තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, ටි.එම්.ටි.කේ.පක්ෂය, ඕල් සිලෝන් මක්කල් කොංග්‍රසය, ජාතික කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක් මන්ත්‍රී ධුරය බැගින් දිනාගත්තේය.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 07ක් සහ සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන දෙකක් හිමිවුණි.

මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 06ක් දිනාගත් අතර සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ආසනයක් හිමිවුණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය දිනාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 06කි.

එම දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ආසනයක් හිමි වුණි.

මොණරාගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 05ක් දිනාගැනීමේ දී සමගි ජන බලවේගයට හිමි වුයේ එක් මන්ත්‍රී ආසනයක් පමණයි.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 06ක් හිමි වූ අතර සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 03ක් දිනාගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආසන 04ක්, දිනාගත් අතර සමගි ජන බලවේගය එක් ආසනයක් දිනා ගැනීමට සමත් වුණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 07කි.

සමගි ජන බලවේගයට එම දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 02ක් හිමිවුණි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 04ක් සහ සමගි ජන බලවේගය එක් මන්ත්‍රී ආසනයක් දිනාගත්තේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 11කි.

එම දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට හිමිවුයේ මන්ත්‍රී ආසන 04ක් පමණයි.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 07ක් ලබාගත් අතර සමගි ජන බලවේගය මන්ත්‍රී ධුර 02ක් දිනාගත්තේය.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 07ක් සහ සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 02ක් හිමිවුණි.

කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 08ක් දිනාගත්තේය.

සමගි ජන බලවේගය පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් දිනාගත් ආසන සංඛ්‍යාව 02කි.

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 8ක් සහ සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 4ක් ලබා ගැනීමට සමත් වුණි.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 05ක් ලබා ගනිද්දී සමගි ජන බලවේගය පක්ෂය මන්ත්‍රී ආසන 03ක් දිනාගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 08ක් දිනාගත් අතර සමගි ජන බලවේගය ආසන 03ක් දිනාගැනිමට සමත් වුණි.

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත මන්ත්‍රී ආසන 5න් 4ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වුණි.

සෙසු මන්ත්‍රී ධුරය දිනාගත්තේ සමගි ජන බලවේගය පක්ෂය යි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 12ක් හිමිකර ගෙන තිබේ.

සමගි ජන බලවේගය පක්ෂයට මන්ත්‍රී ආසන 06ක් ද ජාතික ජන බලවේගයට එක් මන්ත්‍රී ආසනයක් ද හිමිවුණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 13ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 04ක් සහ ජාතික ජන බලවේගය එක් මන්ත්‍රී ආසනයක් දිනාගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 03ක් සහ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ වන්නි දිස්ත්‍රික්කවලින් එක් මන්ත්‍රී ආසනය බැගින් දිනා ගැනීමට සමත් වුණි.

සමගි ජන බලවේගය ත්‍රිකුණාමලය සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී ආසන 02 බැගින් ද වන්නි දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ආසනයක් ද දිනාගත්තේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ටි.එම්.වි.පි, ටි.එම්.ටි.කේ., ඒ.සි.එම්.සි, එම්.එම්.ඒ සහ එන්.සි යන දේශපාලන පක්ෂ ද එක් මන්ත්‍රී ආසනය බැගින් දිනා ගැනිමට සමත් වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img