Thursday, September 24, 2026
HomeNEWSLatest Newsමැතිවරණ කොමිසමේ තිදෙනාගේ ඡායාරූප එල්ලීමට විමල් සූදානම් වේ.

මැතිවරණ කොමිසමේ තිදෙනාගේ ඡායාරූප එල්ලීමට විමල් සූදානම් වේ.

මැතිවරණ කොමිසමේ තිදෙනාගේ ඡායාරූප එල්ලීමට විමල් සූදානම් වේ.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන මන්ත්‍රි ධුර අපේක්ෂකයින්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව අවසර ලබා නොදෙන්නේ නම් සිය මැතිවරණ කාර්යාලවල ස්වාධීන මැතිවරණ කොමිසම නියෝජනය කරන තිදෙනාගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමට සිදුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි. අනුරාධපුරයේ දී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 1980 පාර්ලිමේන්තු පනත කුමක් වුවත් පසුගිය මැතිවරණවලදී මැතිවරණ කොමිෂම පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර කිසියම් සම්මුතියකට එකඟතාවයකට පැමිණ සිය පක්ෂ කාර්යාලවල අපේක්ෂකයාගේ ඡායාරූප සහ මනාප අංක ප්‍රදර්ශනය කිරීමට අවසර දුන්නා. දැන් අපට සිදු වී තිබෙන්නේ පක්ෂ කාර්යාල වල මැතිවරණ කොමිසමේ නාම්බො තුන්දෙනාගේ මුහුණු තමයි ප්‍රදර්ශනය කිරීමට. වෙන කළ යුතු දෙයක් නොමැති බවද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවට එරෙහිව හෙට(24) පැවැත්වෙන විරෝධතාවයෙන් FOC ඉවත්වෙයි

මාධ්‍ය ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ පුළුල් මහජන පෙළගැස්ම සහ ඉදිරි ක්‍රියාමාර්ගය නිදහස් සටන් මධ්‍යස්ථානය ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත...

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ...

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img