Wednesday, June 3, 2026
HomeNEWSLatest Newsකටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීම ප්‍රමාද විය හැකියි.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීම ප්‍රමාද විය හැකියි.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීම ප්‍රමාද විය හැකියි.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීම ප්‍රමාද විය හැකි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අගෝස්තු 01 වෙනිදා කටුනායත ගුවන් තොටුපළ විවෘත කිරීමට සියල්ල සුදානම් වුව ද විදෙස්ගත ශ්‍රමිකයන් විශාල පිරිසක් දිවයිනට පැමිණීමට ඉල්ලුම් කර ඇති බැවින් ඔවුන් සියලු දෙනා රැගෙන ඒමට තවත් කාලයක් ගතවීම ඊට හේතුව බව ද ඇමතිවරයා කියා සිටී.

වත්තල “සන් කාසල්” උත්සව  ශාලාවේදී ඊයේ (27) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වත්තල ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කලේය.  

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමතිවරයා මෙසේ ද කීවේය.

“මේ වන විට 50,000කට ආසන්න විදේශගත ශ්‍රමිකයින් පිරිසක් ලංකාවට එන්න ඉල්ලලා තියෙනවා. ඒ අය තානාපති කාර්යාල වල ලියාපදිංචි වෙලා ඉන්නවා. ජනාධිපතිතුමාගේ අදහස තමයි ඒ සියලු දෙනා ලංකාවට ගෙන්න ගන්න ඕනේ කියන එක. ජනාධිපතිතුමා කිව්වේ ඒ අය ගෙනාවත් රටේ ජනතාවත් ආරක්ෂා විය යුතු බවයි. ඒ නිසා අපි ඉතා පරිස්සමින් තමයි මේ කටයුත්ත කරන්නේ. ඉදිරියේ දී ඒ අය දිගින් දිගටම ගෙන්වන්න අපි කටයුතු කරගෙන යනවා. මේ එන සියලු දෙනා පි.සි.ආර් පරීක්ෂාවකට ලක් කිරීම අනිවාර්යයි. පි.සි.ආර් පරීක්ෂාවෙන් පස්සේ ප්‍රතිඵලය ලැබෙන්න පැය කීපයක් යනවා. ඒ නිසා මේ වැඩේට අපිට හිතුවට වඩා කාලයක් ගත වේවි.

අපේ ඉලක්කය වුණේ අගෝස්තු 01 වෙනි දා වන විට සංචාරකයන් ලංකාවට ගේන්න. ගුවන් තොටුපළ විවෘත කරන්න. නමුත් මේ තත්ත්වය තුල අපිට අගෝස්තු 15 න් පස්සේ හෝ අගෝස්තු අග වන විට තමයි ගුවන් තොටුපළ සම්පූර්ණයෙන් ම විවෘත කරන්න වෙන්නේ. නමුත් අගෝස්තු 01 වෙනි දා ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සාහය අපේ සම්පූර්ණයෙන් ම අතහැරලා නෑ. ඒත් පවතින තත්ත්වය තුළ එය තරමක් ප්‍රමාද විය හැකිය.

කරුණා අම්මාන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබද ව මාධ්‍යවේදීන් මෙහි දි ප්‍රශ්න කළ අතර ඇමතිවරයා අවධාරණය කළේ ආණ්ඩුව එය දැඩි ලෙස හෙළා දකින බවයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් රහස් පොලීසීය අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බව පැවසූ රණතුංග මහතා කොටින්ට ආයුධ ලබා දුන් ඉතිහාසයක් ඇති නායකයෙකුගේ පුතෙකු මේ සම්බන්ධයෙන් කිඹුල් කදුළු හෙළිම පිළිබද කණගාටු වන බව ද කීවේය. 

“කරුණා කියනවා ප්‍රේමදාස දීපු ආයුධ භාරගත්තේ තමන්කියලා.කොටින්ට ආයුධ, සල්ලි, බංකර් හදන්න සිමෙන්ති දීලා කොටි ශක්තිමත් කරපු එක ගැන මේ අය කට හොල්ලන්නේ නෑ. අපි කියන්නේ මේ දෙකම වැරදියි. කරුණා ඡන්දය ඉල්ලන්නේ පොහොට්ටුවෙන් නෙමෙයි. වෙනත් පක්ෂයකින්. එයා පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙයි උප සභාපති ලෙස හිටියේ අපේ නෙමේ.”   ඇමතිවරයා තව දුරටත් කීවේය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වංචා දූෂණ පිළිබද තොරතුරු තමන් සතුව පවතින බවට ප්‍රසන්න රණතුංග මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද මෙහි දී මාධ්‍යවේදීහූ ප්‍රශ්න කළහ. 

“මා ළග ඔහුගේ වංචා දුෂණ පිළිබද තොරතුරු තියෙනවා. බොරු චෝදනා කරමින් මෛත්‍රී රාජපක්ෂවරුන්ගෙන්, අපෙන් පළිගත්තා. මෛත්‍රී කියන තරම් සුදනෙක් නෙමෙයි.”. ප්‍රසන්න රණතුංග මහතා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img