Friday, August 7, 2026
HomeNEWSLatest Newsපශ්චාත් කොවිඩ් -19 අවධියේ දී සමාජයේ පීඩිත පුද්ගලයින්ගේ ආර්ථික තත්ත්වය සුරක්ෂිත කිරීම...

පශ්චාත් කොවිඩ් -19 අවධියේ දී සමාජයේ පීඩිත පුද්ගලයින්ගේ ආර්ථික තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා ණය අයකර ගැනීම් තාවකාලිකව නතර කරන්න…

පශ්චාත් කොවිඩ් -19 අවධියේ දී සමාජයේ පීඩිත පුද්ගලයින්ගේ ආර්ථික තත්ත්වය
සුරක්ෂිත කිරීම සඳහා ණය අයකර ගැනීම් තාවකාලිකව නතර කරන්න…

පශ්චාත් කොවිඩ් -19 අවධියේ දී සමාජයේ පීඩිත පුද්ගලයින්ගේ ආර්ථික තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා ණය අයකර ගැනීම් තාවකාලිකව නතර කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මුල්‍ය සමාගම්වලින් ඉල්ලීමක් කරයි.

සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය ආපසු ගෙවීමේ සහනයක් සළසා දෙන ලෙස ඊයේ (2020.06.26) අරලියගහ මන්දිරයේ දී එක්සත් ජාතින්ගේ සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානයේ සමාජිකයින් සමඟ පැවැති හමුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන්කර සිටියේය. 

සමාජයේ වඩාත් අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙන පිරිස වන ළමයින්, වැඩිහිටි ප්‍රජාව සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සහිත පවුල්වලට ආර්ථික අවපාතයෙන් සිදුව ඇති පීඩාවන් අවම කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සමාජ සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහි දී නියෝජිතවරුන් සමඟ සාකච්ඡා කළේය. 

ශ්‍රී ලංකා රජය සෑම විටම ළමා අයිතීන් හා අවශ්‍යතා ප්‍රමුඛකොට සළකන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා සමාජයේ පීඩිත පුද්ගලයින් වෙනුවෙන් සමාජීය ආරක්ෂණ ක්‍රමවේදයක අවශ්‍යතාව පැහැදිලි කළේය. එසේම සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය සහන ලබා දීමට කටයුතු කිරීම මඟින් එම රටවල ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

කොවිඩ් -19 වසංගත තත්ත්වයෙන් මිදී යථා තත්ත්වයට පත්වීමට උත්සාහ ගන්නා රටවලට ණය සහන ලබා දීමේ වැදගත්කම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහ යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින්ගේ අවධානය යොමු වූ අතර, කොවිඩ් -19 වසංගතයට එරෙහිව මෙතෙක් ශ්‍රී ලංකා රජය ගෙනගිය වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔවුන් අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රශංසාව පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ඇතුළු කරුණු ඇතුළත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ඇතුළු කරුණු ඇතුළත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ.22 වන සංශෝධනය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (5)...

රනිල්, නාමල්, දිලිත් හමුවක්… කතා කළේ මොනවාද?

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා භූතාන සංචාරය සාර්ථකව නිමකර ලංකාවට පැමිණියේ ගිය ඉරිදාය.ඔහුට සඳුදා විශේෂ මංගල උත්සවයකට සහභාගී වීමට නියමිතව...

පල්ලන්සේන බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස්

පල්ලන්සේන බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සදහා පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරයි - පොලිසිය.

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනකු මිය ගොස් දොළහකට තුවාල

කුරුවිට බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.මෙහිදී තුවාල ලබා ඇති සංඛ්‍යාව 12ක් බවද වාර්තාවනව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img