Thursday, July 23, 2026
HomeNEWSLatest Newsමිලියන 8ක් වටිනා මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේ

මිලියන 8ක් වටිනා මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේ

මිලියන 8ක් වටිනා මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේ

විදෙස් රටවල සිට මෙරටට එවන ලද රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමින් යුත් කුෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගු භාරයට ගෙන තිබේ.

පාර්සල් 4 ක තිබී සොයාගෙන ඇති මෙම මත්ද්‍රව්‍ය  එංගලන්තය, අමෙරිකාව සහ නෙදර්ලන්තය යන රටවලින් එවා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.

කොළඹ, නාවල, වාද්දුව සහ අහංගම යන ප්‍රදේශවල ලිපිනයන් 4 කට අදාළ මත්ද්‍රව්‍ය, එවා තිබූ අතර එම පාර්සල් තුළ තිබී කුෂ් ග්‍රෑම් 500 ක් සහ කොකේන් ග්‍රෑම් 80 ක් සොයාගෙන තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය එවා ඇති ලිපිනයන්වල සත්‍යතාවය තහවුරු කර ගනිමින් මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.

මේ අතර අද අලුයම 4 ට පමණ කල්පිටිය පොලිස් වසමේ මණ්ඩකුඩාව ප්‍රදේශයේ දී කල්පිටිය පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේ දී ගංජා කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 510ක් සොයා ගෙන තිබේ.

මෝටර් රථයේ රියදුරු අසුනට යාබද ඉදිරි පස අසුනේ සුක්ෂමව සඟවා තිබිය දී ගංජා තොගය සොයා ගෙන ඇත.

ඒ සමග වයස අවුරුදු 30ක් වු තන්හීර්කුඩා, ඒත්තාලය, කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img