Tuesday, November 10, 2026
HomeNEWSමිහිඳු නිවහන පුත්තලම් දිස්ත්‍රික් සමාරම්භක උත්සවය

මිහිඳු නිවහන පුත්තලම් දිස්ත්‍රික් සමාරම්භක උත්සවය

“මිහිඳු නිවහන” ව්‍යාපෘතිය යටතේ 2022 වසර තුළ තවත් නව නිවාස 2,000 ක් රට පුරා ඉදිකරන වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.  

වත්මන් රජය මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල නිසි ලෙස කළමණාකරණය කර ගනිමින් ජනතාව අතට පත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.  

රජය විසින් ජනතාවට ආධාර මුදල් ලබා දෙන්නේ ඔවුන්ගේම බදු මුදල් වලින් බවත්, සාර්ථක රජයක් වන්නේ එම ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් පමණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සම්බුද්ධ සාසනයට සිය දරුවන් පූජා කළ දෙමාපියන් වෙනුවෙන් ආරම්භ කළ “මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ පුත්තලම දිස්ත්‍රික් සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි. මෙම උත්සවය ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 

“මිහිඳු නිවහන” වැඩසටහන යටතේ පූජ්‍ය අරුන්කුලියේ උදිතවංශ හිමියන්ගේ සහ පූජ්‍ය අරුන්කුලියේ සුමනවංශ හිමියන්ගේ දෙමාපියන් වෙනුවෙන් පුත්තලම, මාදම්පේ, මුගුණුවටවන ප්‍රදේශයේ ඉදිවන නව නිවසට මුල්ගල තැබීමද අද පෙරවරුවේ සිදු කෙරිණි.  

අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් පුත්තලම, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුම්බුටුකුලිය සහ වෛරන්කට්ටුව ප්‍රදේශවල ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘති 3 කට මුල්ගල තැබීමද අද සිදු කෙරිණි. මෙහි නිවාස 170ක් ඉදිවේ. 

“මිහිඳු නිවහන” ව්‍යාපෘතිය සදහා තෝරා ගත් ප්‍රතිලාභී ස්වාමීන් වහන්සේලාගේ දෙමාපියන් 12 දෙනෙකු සදහා රුපියල් මිලියන 6 ක් වටිනා නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කිරීම, “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 183 දෙනෙකු සදහා රුපියල් මිලියන 118 ක් වටිනා චෙක්පත් ප්‍රදානය කිරීම, ගංවතුර නිවාස ආධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 71 දෙනෙකු සදහා රුපියල් මිලියන 42 ක් වටිනා චෙක්පත් ප්‍රදානය කිරීම, අඩු ආදායම්ලාභී නිවාස ආධාර ව්‍යාපෘති වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 33 දෙනෙකු සදහා රුපියල් මිලියන 21 ක් වටිනා චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි. විවිධ නිවාස ව්‍යාපෘති සදහා අද දින ලබා දුන් මුළු මුදල රුපියල් මිලියන 189 කි. 

මෙම අවස්ථාවට ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී  අලිසබ්රි රහීම් මහතා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා සහ ප්‍රාදේශීය දේශපාලනඥයින්, රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img