Monday, August 31, 2026
HomeNEWSමීටියාගොඩ අමානුෂික ඝාතනයේ සැකකරුවන් පොලීසියට ඉදිරිපත් වෙයි

මීටියාගොඩ අමානුෂික ඝාතනයේ සැකකරුවන් පොලීසියට ඉදිරිපත් වෙයි

මීටියාගොඩ අමානුෂික ඝාතනයේ සැකකරුවන් පොලීසියට ඉදිරිපත් වෙයි

මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසල දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී සිදුකර තිබූ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 25 වනදා මෙම ඝාතනය සිදුව තිබූ අතර එහිදී ඝාතනයට ලක්වූ තරුණයාගේ එක් අතක් වෙන්වන සේ කපාගොස් තිබුණි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් විසින් මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්වීමෙන් අනතුරුවය.

සැකකරුවන් ඝාතනය සිදු කිරීම සඳහා පැමිණි යතුරුපැදි 2ක්, ඝාතනය සඳහා උපයෝගී කරගත් උල් පිහි 02ක්, කඩුවක් සහ මන්නා පිහියක් ද පොලීසිය සොයාගෙන තිබේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ත් 32ත් අතර වයස්වල පසුවන මීටියාගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එළෙස ඝාතනය වී තිබුණේ මීටියාගොඩම පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img