Monday, August 31, 2026
HomeNEWSයුරෝපා සංගමය සහ රජය අතර එකඟතාවයක්

යුරෝපා සංගමය සහ රජය අතර එකඟතාවයක්

යුරෝපා සංගමය සහ රජය අතර එකඟතාවයක්

මානව හිමිකම් සහ ප්‍රතිසංවිධාන ගැටලු පිළිබඳව අඛණ්ඩව සමීපව කටයුතු කිරීමට යුරෝපා සංගමය සහ මෙරට රජය එකඟ වී තිබේ.

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය සිය 23 වන ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම පසුගියදා පැවත් වූ අතර  එහිදී එම එකඟතාවයට පැමිණි බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

යුරෝපා සංගමයේ සහ මෙරට නව නායකත්වයන් යටතේ පැවති පළමු ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම ද මෙයවීම විශේෂත්වයකි.

එම සංගමයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින කැමැත්ත යළි තහවුරු කරමින් යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව පුළුල් විෂයන් රැසක් යටතේ අදහස් හුවමාරු කරගත් බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

වෙළඳ සම්බන්ධතා වැඩි දියුණු කිරිමේ වැදගත්කම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබේ.

GSP ප්ලස් යටතේ යුරෝපා සංගමය විසින් මෙරටට ප්‍රදානය කළ ඒකපාර්ශ්වික තීරුබදු සහනය මගින් මෙරට ආර්ථිකයට සැලකියයුතු අන්දමේ දායකත්වයක් ලබාදී ඇති බවට අදහස් හුවමාරු වී ඇත.

මෙරට සිට යුරෝපා සංගමය වෙත කරන අපනයන යුරෝ බිලියන 2.3ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එමගින් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළෙඳපොළ බවට පවත්ව ඇති බව සඳහන් ය.

ලබාදී ඇති තීරුබදු සහන වඩාත් හොඳින් භාවිත කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකා රජය සතුව පවතින බව ඒකාබද්ධ කොමිෂන් සභාව පිළිගත් බවද විදේශ අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img