සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතාගේ නිවසේ ලිපිනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තුවට කතා කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුජිබර් රහුමන් මහතාගේ කොළඹ නිවසේ ලිපිනය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර පාර්ලිමේන්තුව විසින් එම ලිපිනය ලබාදී තමාට ඒ බව දැනුම් දුන් බවද මුජිබර් රහුමන් මහතා lankasnews වෙත ප්‍රකාශ කළේය.