ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර් කරුණාරත්න මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.
සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම තනතුරට පත්කර ඇති බව සඳහන් වේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කළේය.
ඔස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ වාණිජපති උපාධිය ලබාගෙන ඇති ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිය පළමු උපාධිය ලබාගෙන තිබේ.
එමෙන්ම එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිවරුන්ගේ සංගමයේ ආදී විද්‍යාර්ථියකු වන ඒ මහතා ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සහකාර සාමාජිකයෙකු ද වේ.
මේ අතර මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස එහි සහකාර අධිපතිවරියක වන කේ.එම්.ඒ දවුලගල මහත්මිය කටයුතු කළාය.
දවුලගල මහත්මිය 2018 වසරේ නොවැම්බර් මාසයේ සිට එම ධුරයේ කටයුතු කරනු ලැබීය.
ඒ අනුව දවුලගල මහත්මිය මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස මාස 34ක කාලයක් සහ මුදල් මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් ලෙස මාස 36ක කාලයක් තනතුරු හොබවා තිබේ.
මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු සියලු නිලධාරීන්ට පවරන රාජකාරි වගකීම් යන ආදිය කළමනාකාරිත්වයේ සහ මහ බැංකුවේ අභිලාෂ හා අවශ්‍යතාවන්ට අනුව කාලයෙන් කාලයට වෙනස් වන බවය.






















