ඖෂධ මිල ගැන අද (22) පාර්ලිමේන්තුවේ දී හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සහ ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණි.
එහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ, පසුගිය ආණ්ඩුව කාලයේ දී ඇතැයි ඖෂධ වැඩි මිලට එවකට රජය විසින් මිලදී ගෙන ඇති බවය.
ඒ සම්බන්ධයෙන් ඖෂධ මිල ගණන් සඳහන් වාර්තාවක් ද චන්න ජයසුමන මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී සභාගත කිරීමට කටයුත කළේය.
කෙසේවෙතත් අද පාර්ලිමේන්තුවේ රාජිත සේනාරත්න මහතා දැක්වුයේ මෙවන් අදහසකි.
“එතුමා ඊයේ ඖෂධ පිළිබඳව චෝදනා ඉදිරිපත් කළා. එයාලා කියනවා ඖෂධ පිළිබඳව එයාලා රු.395ට ගත්ත සිරප් බෝතලය අපි ගත්තේ රු 55,000ටලු ඒ ගානට මොළේ නැති පිස්සෙක් වෙන්න ඕන. මේ කතා කරන්නේ ගත්ත මිල නෙමෙයි. මේකේ තියෙන්නේ 2015-2019 අපි ගත්ත ගාන නෙවෙයි. මේ කතා කරන්නේ කැඳවූ මිල ගැන. ඕනේම බෙහෙතකට කැඳවු මිල ගණන් තියෙනවා 10ක් 20ක්. මේ විදියට තමයි මේ බොරුව කියෙන්නේ. අපි ආරම්භ කරපු සේලයින් ගෙනල්ලා පෙන්වනවා බොරුව ජනාධිපතිට. තයිරොක්සින් හෝමෝන් එක ගේන්න ගොඩනැගිල්ලක් හැදුවා මම. අද වෙනකල් ගඩොල් කැටයක් හදලා නැහැ. කයිවාරු ගහනවා. මම ගොඩනැගිලි දෙකක් හැදුවා. අපේ බිරිඳට මාස 6න් 7න් රේන්ජ් රෝවර් ගත්තේ නැහැ. තමන්ගේ පක්ෂ කාර්යාලයට කෝටි 8හමාරකට ගත්තේ නෑ. ඇතුල්කෝට්ටේ මිලියන 200ට ගත්තේ. විස්තර කිව්වේ රාජපක්ෂ පවුලට කිට්ටු කෙනෙක්. අද වෙනකල් වැසිකිලියක් හදාගන්න බැරිවුණා දේශපාලනයට ඇවිත්.”
මෙයට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන,
“ඖෂධ මාෆියාව සඳහා මුල් ගල තිබ්බේ 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත ගෙනල්ලා. මේ ආයතනය පිහිටුවීම තුළින් තමයි ලංකාවේ ඖෂධ මාෆියාව සඳහා ඉඩසැලැස්සුවේ. ගෙනල්ලා දා ගත්තා සභාපති කෙනෙක්. අධිකරණයෙන් අයින් කළා. මේ රාජත සේනාරත්න ගිහිල්ලා අධිකරණයෙන් අයින් කරපු සභාපතිව නැවත ගෙනල්ලා වාඩි කෙරුවා.”






















