Wednesday, November 11, 2026
HomeNEWSයුගදනවි ගිවිසුමට විදුලි ඉංජිනේරු සංගමයේ විරෝධය

යුගදනවි ගිවිසුමට විදුලි ඉංජිනේරු සංගමයේ විරෝධය

කෙරවලපිටිය විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමකට විකිණිම හරහා සිදුවන්නේ, මෙරට ද්‍රවිකෘත ස්වභාවික වායු දීර්ඝ කාලීනව ලබාගැනීමේ කොන්ත්‍රාත්තුව එම සමාගමට හිමිවීම බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

කෙසේ වෙතත්,  අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ, රජය අදාළ සමාගම සමග සංකල්පමය එකඟතාවයකට පමණක් පැමිණ ඇති බවය.

කෙරවලපිටිය විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු ඩොලර් මිලියන 250කට අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගමට පවරා ඇති බවට පසුගියදා පාර්ශ්ව කිහිපයක් චෝදනා කළහ. 

මේ අතර, කෙරවලපිටිය විදුලි බලාගාරයට හා සම්බන්ධව මතුව ඇති වත්මන් තත්ත්වය පිළිබඳව, අග්‍රාමාත්‍යවරයා සහ රජයට සහය පළකරන පක්ෂ අතර සාකච්ඡාවක් අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබුණත්, එය පසුවට කල්දමා ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img