Monday, September 21, 2026
HomeNEWSමුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් අග්‍රාමාත්‍යතුමා සමඟ ඉෆ්තාර් චාරිත්‍රය ඉටු කරති

මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් අග්‍රාමාත්‍යතුමා සමඟ ඉෆ්තාර් චාරිත්‍රය ඉටු කරති

ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන්  ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වාර්ෂිකව පවත්වන ඉෆ්තාර් චාරිත්‍රය මෙවර කොවිඩ් පාලන නිතිරීති වලට අනුව මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ඉස්ලාම් ආගමික නායකයන් ඇතුළු ඉස්ලාම් බැතිමතුන් රැසකගේ සහභාගීත්වයෙන් වෙනදා පැවැත්වෙන ඉෆ්තාර් චාරිත්‍ර උත්සවය කොවිඩ්-19 හේතුවෙන් මෙවර කිහිප දෙනෙකුට සීමා විය.

මුස්ලිම් පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් පැමිණ සිටි මන්ත්‍රීවරු මෙහි දී මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු පිලිබඳව අග්‍රාමාත්‍යතුමාට කරුණු ඉදිරිපත් කළහ.

මුස්ලිම් කොංග්‍රසය, මුස්ලිම් ජාතික සන්ධානය, සමස්ත ලංකා මහජන පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ  අග්‍රාමාත්‍යතුමා හමුවී සුහද සාකච්ඡාවක නිරතවෙමින් ඉෆ්තාර් චාරිත්‍රය ඉටු කළහ.

මන්ත්‍රීවරු ඉදිරිපත් කළ මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යතුමා විශේෂ අවධානය යොමු කළේය.

ඉෆ්තාර් ආගමික චාරිත්‍රය  අරලියගහ මන්දිරයේ දී ඉටුකිරීමට ලැබීම විශේෂත්වයක් බව මෙහි දී මන්ත්‍රීවරු සඳහන් කළහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නසීර් අහමඩ්, එච්. එම්. එම්. හාරීස්, එස්. එම්. එම්. මුෂාරෆ්, අලි සබ්රි රහීම්, එම්. එස්. තව්ෆික්, ඉෂාක් රාහුමන්, ෆයිසල් කාසිම් මන්ත්‍රීවරු සහ අග්‍රාමාත්‍යතුමාගේ මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් ෆර්සාන් මන්සූර් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img