Monday, September 21, 2026
HomeNEWSශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ හවුල්කාර පක්ෂ 10ක් ගත් තීරණය

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ හවුල්කාර පක්ෂ 10ක් ගත් තීරණය

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීමක් එළඹෙන 11 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඊයේ දිනයේ ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල පක්ෂ නායක රැස්වීමක් පවත්වා ඇති අතර ඊට හවුල්කාර ප්‍රධාන පක්ෂ කිහිපයක නායකයින් සහභාගී වී නොමැති බව සඳහන් වේ.

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සදහා මෙම රැස්වීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබුණි.

කෙසේවෙතත් මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි නියෝජිතයින් පිරිසකට ආරාධනා කර තිබීම හේතුවෙන් හවුල්කාර පක්ෂ 10 ක නායකයින් එම රැස්වීමට සහභාගී වී නොමැති බව වාර්තා වේ.
 
කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු අමාත්‍යවරුන් සහ ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක් ඊයේ පස්වරු 05.30 ට පමණ අරලියගහ මන්දිරයට ගොස් රැස්වීමට සහභාගී නොවන බව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා.

කෙසේවෙතත් එළඹෙන 11 වනදා පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණයකර ගැනීමට පක්ෂ නායක හමුවක් කැඳවීමට ද එහිදී තීරණය වී ඇති බව සඳහන් වේ.

ඊයේ දිනයේ අදාළ රැස්වීමට සහභාගී නොවු එම පක්ෂ නායකයින් එදිනට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගී වන බව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img