දිවයිනට ඊයේ (04) ළඟා වූ නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු අද (05) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඩීසල් මෙට්රික් ටොන් 28,300 ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්රික් ටොන් 9,000 ක් සහිත නෞකාවක් ඊයේ කොළඹ වරායට පැමිණි අතර ඊට අදාළ අමෙරිකානු ඩොලර් මිලියන 39.3ක මුදලක් නෞකාව හිමි සිංගප්පූරු සමාගමට ගෙවා අවසන් බව වාර්තා විය.
ඒ අනුව, එම නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර දිවයිනේ බොහෝ ප්රදේශවල දින කිහිපයක සිට දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබෙයි.






















