Sunday, September 13, 2026
HomeNEWSමෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන මූල්‍ය අරමුදලේ සහ එක්සත් ජනපදයේ පැසසුම්…

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන මූල්‍ය අරමුදලේ සහ එක්සත් ජනපදයේ පැසසුම්…

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන මූල්‍ය අරමුදලේ සහ එක්සත් ජනපදයේ පැසසුම්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂිකා ගීතා ගෝපිනාත් මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පැවැත්වෙයි. එහි දී ඇය ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය කළ අතර, ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමට ශ්‍රී ලංකාවේ දරණ ප්‍රයත්නයන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පූර්ණ සහයෝගය සහතික කළේ ය.
දූෂණ විරෝධී ක්‍රියාමාර්ග හා පිළිගත් පාලන ක්‍රමවේදයන් හදුනවාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැනට කරගෙන යන වැඩ කටයුතු පිළිබඳව ද එහි දී අවධානය යොමු විය.

මේ අතර එක්සත් ජනපද භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා සහ සේමසිංහ මහතා අතර හමුවක් ද පැවැත්විණි. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සහ යහපාලනය තහවුරු කිරීම සඳහා ගෙන ඇති මෑතකාලීන පියවර පිළිබඳව එහි දී සාකච්ඡා විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කළ අතර තවදුරටත් සාකච්ඡා කළ
අතර එක්සත් ජනපද රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බවට සහතික වීම සතුටට කරුණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මාධ්‍ය ඒකකය (මුදල් රාජ්‍ය අමාත්‍ය),
මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය.

                                                                        විමසීම් :- අනුරංග නිසල් 076-2044349

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...

අනුරාධපුරයට පැමිණි ජනතාවට ආචාරය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජය ශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑය දරා සිටින මහා පින් බිමක් වන ඓතිහාසික අනුරාධපුරයෙන් ඊයේ (12) දින අපි ආරම්භ කරනු...

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img