Monday, September 7, 2026
HomeNEWSමෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි …!

මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කල මෙට්‍රො නව බස් සේවාවට පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය, Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම ඒකාබද්ධව කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

එම පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ ඉදිකරන ලද කඩවත මෙට්‍රො ඩිපෝ අංගනයේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම අද දින (2026.09.07) සිදුකෙරිණ. ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයා‌ගේ ප්‍රධානත්වයෙන්, ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගමේ කළමනාකාරිත්වය ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙනි.

මෙට්‍රො ව්‍යාපෘතිය යටතේ ඉදිකල පළමු ඩිපෝ අංගනය පසුගිය 04 වන දින බත්තරමුල්ල, තලංගම දී ජනතා අයිතියට පත්කෙරිණ. මෙම දෙවන ඩිපෝ අංගනය ගම්පහ දිස්ත්‍රික්කයේ, මහර මැතිවරණ කොට්ඨාශයේ, කඩවත – ගණේමුල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝවට ආසන්නව ස්ථාපනය කර ඇත.

මෙට්‍රො බස් ව්‍යාපෘතියේ සේවා ධාරිතාව වැඩිකිරීම සඳහාත් පරිපාලන, මෙහෙයුම් හා නඩත්තු කටයුතු පවත්වාගෙන යාම සඳහාත් පළමු අදියර යටතේ නව ඩිපෝ 04 ක් ඉදිකිරීමට ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම සැලසුම් කර ඇත. ඒ යටතේ තලංගම, කඩවත, ඒකල සහ රත්මලාන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම පළමු ඩිපෝ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙට්‍රො බස් රථ සේවාවේ ධාවන මාර්ග අංක 01 යටතේ මාකුඹුර සිට මහරගම හරහා කඩවත දක්වා ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කෙරේ. මෙම මාර්ගයේ නව මෙට්‍රො බස් රථ 15 ක් යොදා ජනතාවට අවශ්‍ය සුවපහසු ප්‍රවාහන පහසුකම් ලබාදීම විධිමත් කිරීමට ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම, මෙම නව ඩිපෝ මධ්‍යස්ථාන පිහිටුවීමෙන් කටයුතු කරයි.

ඩිපෝ අංගන ඉදිකිරීමේ දිගුකාලීන සැලසුමට අමතරව බස් රථ නැවතුම්, ඒකාබද්ධ ගෙවීම් පද්ධති, ඩිපෝ පහසුකම්, රථගාල් ඇතුළු අනෙකුත් ප්‍රවාහන සේවා සමග සම්බන්ධතාව වැඩිදියුණු කිරීම ද සිදු‌කෙරේ. මෙම නව මෙට්‍රො බස් ව්‍යාපෘතිය පොදු ප්‍රවාහන සේවා නවීකරණය කිරීමේ රජයේ වැඩපිළිවෙලේ ප්‍රධානතම අංගයක් වන අතර, 2025 අය-වැය මගින් නවීන හා තාක්ෂණික පහසුකම් සහිත බස්රථ හඳුන්වාදීම සහ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම හරහා ඩිජිටල් වේදිකාවක් මත සේවා ක්‍රියාත්මක කිරීම ද ආරම්භ විය. එමෙන් ම 2026 වසරට රුපියල් මිලියන 800 ක මූල්‍ය ප්‍රතිපාදන ද 2027 වසරට රුපියල් මිලියන 267.5 ක හිමිකම් ප්‍රාග්ධනයක් ද මෙට්‍රො මෙහෙයුම් ක්‍රියාවලිය වෙනුවෙන් රජය වෙන්කර ඇත.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා :

මෙට්‍රො බස් සේවාව මේ මාසය තුලදී බස් 122 ක් දක්වා වර්ධනය වෙනවා. එමගින් නාගරික ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් ලබාදීමට හැකිවෙනවා. මෙට්‍රො සේවයට තවත් බස් 50 ක් මිලදී ගන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තියෙනවා. මේ වසර අවසන් වනවිට හෝ ලබන වසරේ මුල හෝ මෙට්‍රො සේවාව බස් රථ 172 ක් දක්වා වර්ධනය කරනවා. මෙම සේවාව බස්නාහිර පලාතෙන් ඔබ්බට ක්‍රියාත්මක කරමින් ගාල්ල, මහනුවර සහ යාපනය ප්‍රදේශවලටත් ව්‍යාප්ත කරනවා.

මෙට්‍රො ආයතනය සමග ගිවිසුම්ගතව බස් සේවාව ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික අංශයටත් ඉදිරියේදී අවස්ථාව ලබාදෙනවා. පොදු ප්‍රවාහනයේ විශාල කොටසක් ඉටුකරන ලංගම ගොඩනගනවා. ලංගම තමයි පණ, ලංකාවේ පොදු ප්‍රවාහනයේ. ලංගම ලබාදෙන සේවය වෙන කාටවත් කරන්නත් බෑ. කරන්නෙත් නෑ. මේ වසර අග වෙනකොට ලංගමට අලුතින් AC බස් 600 ක් ආනයනය කරන්න කටයුතු කරනවා. ඊට අමතරව ලංගම සල්ලිවලින් තවත් බස් රථ 200 ක් ගේනවා’.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමමාලි වීරසේකර, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රගීත් මදුරංග, මහර ප්‍රාදේශීය සභාවේ සභාපති අතුල කලුආරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු මහජන නියෝජිතයෝ ද ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අවන්ති සේනාරත්න, මහර ප්‍රාදේශීය ලේකම් නලින් බණ්ඩාර, බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමීණී ජාසිංහ, මාර්ග සංවර්ධන අධිකාරියේ පලාත්භාර අධ්‍යක්ෂ (බස්නාහිර) දර්ශන රුවන්, ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඉංජිනේරු බී.එම්. පියතිලක යන මහත්වරු සහ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, මගනැගුම උපදේශන සමාගම සහ NIO ඉංජිනියරින් යන ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය අංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද...

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලුම දෙනා එක් විය යුතුයි- එජාප නායක හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී....

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාවට වැඩි අවධානයක්

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට අත්සන් තැබූ රාජ්‍ය පාර්ශ්වයන්ගේ සමුළුව2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 4 දක්වාවියානාහි පැවැති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img