Monday, September 7, 2026
HomeNEWSජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි

22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි වී නිතියේ ආධිපත්‍ය වල් වැදෙන බවත් දැනටමත් හැමදාම වෙඩි තැබීම් සිදුවන නිසා නීතියේ ආධිපත්‍ය අවම වී ඇති රටේ 22 වැනි සංශෝධනයෙන් නැත්තටම නැති වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අනුර කුමාර ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට එවක රජය 20 වැනි සංශෝධනය ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ 2/3ට අමතර ව ජනමතවිචරණයක් අවශ්‍ය බව පැවසුවත් අද ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට රජයේ අයම කියමින් යන බවත් එදා 20 වැනි සංශෝධනය ගෙන ආ අවස්ථාවේ ජනමත විචාරණයක් ඉල්ලු ආකාරයට 22 වැනි සංශෝධනයට එවැනි ජනමත විචාරණයක අවශ්‍යයි නේද කියා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි වනිතා බලවේගයේ, රත්තොට ආසන බල මණ්ඩලය පිහිටවීමේ රැස්වීම අමතමිනි.

මේ රජය මානුෂීයත්වය නැති මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන ජනතා සෛරීත්වයට තැනක් නැති අධිකරණයේ නිදහස ගණන් නොගන්නා රජයක් බවත් මේ ඒකාධිපතිවාදය පටන් ගත්තේ යෞවන සමාජ නිලවරණ හා සිවිල් ආරක්ෂ කමිටු නිලවරණවලින් බවත් පැලවත්තේ ලිස්ට් එකට සාමාජිකයන් පත් කළ මේ රජය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ බවත් ජනතා අයිතිය පැහැර ගෙන ඒකාධිපති තනි පක්ෂ පාලනයක් ඇති කරන්න හදන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනපති මේ දිනවල පච චාරිකා යනවා

ජනාධිපතිවරයාට මේ දිනවල කයිවාරු ගහන්න පුලුවන් වුණාට මේවා පච චාරිකා බවත් බොරු කියා බොරු කියා බලය අරන් අවසානයේ තවත් බොරු කියන පච චාරිකාවත් පටන් ගෙන ඇති බවත් ජනතාවගේ හදගැස්ම හදුනා ගන්න අවශ්‍ය නම් පච චාරිකා සිදු නොකර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස අභියෝග කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනපතිගේ බේරුවල රැස්වීම නිසා ධීවරයෝ අනාථයි

අද බේරුවල රැස්වීම නිසා මුහුදු ගිය ධීවරයන්ට බේරුවල වරායට එන්න නොහැකි ලෙස පොලිසිය නිවේදනයක් නිකුත් කරන බවත් ධීවරයන්ට හානියක් නොවෙන්න රැස්වීම් තියන්න පවා ජනපතිට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනපති ප්‍රමුඛ රජයේ මුලධර්මය කෘරත්වයයි

අද රට පාලනය කරන අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජවිපේ ආණ්ඩුවේ ප්‍රධාන මූලධර්මය වන්නේ කෘරත්වය හිංසනය හිරිහැර කිරීම අයිතිය කප්පාදු කිරීම බවත් ජන දුක නිවාලනවා වෙනුවට ජන දුක වර්ධනය කරන බවත් මේ නිසා මැතිවරණ පොරොන්දු සියල්ල ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට අමතක වී ඇති බවත් මේ අය රටට වැඩක් කරනවා වෙනුවට වසර දෙක සැමරීමට රැස්වීම් මාලාවක් පවත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අවුරුදු දෙක සුබ රටට නොවේ රජයටයි ජනපතිටයි

ආණ්ඩුවේ රැස්වීම් මාලාවෙහි ප්‍රධාන තේමාව වන්නේ අවුරුදු දෙකයි රටට සුබයි වූවාට අදටත් දිට්වා සුළි කූණාටුවෙන් අවතැන් වුවන්ට පොරොන්දු වු සහන නොමැති බවත් වරායේ ගොඩබාන මිලට තෙල් දීම 32%කින් විදුලි බිල අඩු කිරීම ආදි කිසිදු පොරොන්දුවක් ඉටු නොකරමින් ජනතාවට දරාගත නොහැකි පීඩනයක් ලබා දී ඇති බවත් අද බරපතල ඖෂධ හිගයක සෙම අත්‍යාවශ්‍ය ශල්‍යක්ම කරන්න පෝලිම ඇති බවත් මේවා රටට සුබද කියා ප්‍රශ්න කරන බවත් මේ වසර දෙක සුබ වී ඇත්තේ ජනපතිට රජයට බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද...

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලුම දෙනා එක් විය යුතුයි- එජාප නායක හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී....

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාවට වැඩි අවධානයක්

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට අත්සන් තැබූ රාජ්‍ය පාර්ශ්වයන්ගේ සමුළුව2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 4 දක්වාවියානාහි පැවැති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාව...

2026 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟයේදීත් රුමේෂ්ට රන් පදක්කම

බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවති 2026 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟයේදී මීටර් 89.04 ක දුරක් විසි කරමින් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ පිරිමි හෙල්ල විසි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img