Friday, October 23, 2026
HomeNEWS22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (06) බුලත්සිංහල පැවැති ජන හමුවකට එක්වෙමිනි.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීන්දුව නුදුරේදී ලැබෙනු ඇතැයි මාධ්‍ය වාර්තාව පළවී තිබේ.

අදාළ තීන්දුව ලැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී එය සම්මත කරගන්නා බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

“අපි නීති සංශෝධන ඇති කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ඇති කරලා තියෙනවා. අපි බය නැතිව ඉස්සරහට ගේනවා අපි. එතකොට මොනවා වෙන්නේ? කළු නීතියේ රැකවරණයට හිටිය අය බයට පත් වෙනවා. එම්බසී ගාණේ දුවනවා. ලෝකයේ සංවිධානවලට ලියනවා.

මතක තියාගන්න. අපි මේ තීන්දු තීරණ ගන්නේ, ජනතා වෙනුවෙන්. ගන්න කිසි තීන්දුවක් අපි ආපස්සට හරවන්නේ නැහැ. 22 සංශෝධනය ගැන ඉක්මනින් තීන්දුව ලැබෙයි. මං දැක්කා පත්තරවල 18 වගේ දවසක් වාර්තා කරලා තිබුණා. තීන්දුව ලැබුණට පස්සේ ඒක පාර්ලිමේන්තුවට දාලා ඉක්මනින් සම්මත කරගන්නවා.

අපිට මේ දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕනේ. එහෙම තමයි මේ කළු රාජ්‍ය බිඳින්න ඕනේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...

මාලිමාවට කඩේ යන මුස්ලිම් ඩයස්පෝරාවකුත් ඉන්නවා- නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්

මාලිමා ආණ්ඩුවට කඩේ යන දෙමළ ඩයස්‌පෝරාවක් වගේම මුස්ලිම් ඩයස්පෝරාවකුත් සිටින බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස් මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img