Monday, September 7, 2026
HomeNEWS22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (06) බුලත්සිංහල පැවැති ජන හමුවකට එක්වෙමිනි.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීන්දුව නුදුරේදී ලැබෙනු ඇතැයි මාධ්‍ය වාර්තාව පළවී තිබේ.

අදාළ තීන්දුව ලැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී එය සම්මත කරගන්නා බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

“අපි නීති සංශෝධන ඇති කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ඇති කරලා තියෙනවා. අපි බය නැතිව ඉස්සරහට ගේනවා අපි. එතකොට මොනවා වෙන්නේ? කළු නීතියේ රැකවරණයට හිටිය අය බයට පත් වෙනවා. එම්බසී ගාණේ දුවනවා. ලෝකයේ සංවිධානවලට ලියනවා.

මතක තියාගන්න. අපි මේ තීන්දු තීරණ ගන්නේ, ජනතා වෙනුවෙන්. ගන්න කිසි තීන්දුවක් අපි ආපස්සට හරවන්නේ නැහැ. 22 සංශෝධනය ගැන ඉක්මනින් තීන්දුව ලැබෙයි. මං දැක්කා පත්තරවල 18 වගේ දවසක් වාර්තා කරලා තිබුණා. තීන්දුව ලැබුණට පස්සේ ඒක පාර්ලිමේන්තුවට දාලා ඉක්මනින් සම්මත කරගන්නවා.

අපිට මේ දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕනේ. එහෙම තමයි මේ කළු රාජ්‍ය බිඳින්න ඕනේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලුම දෙනා එක් විය යුතුයි- එජාප නායක හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී....

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාවට වැඩි අවධානයක්

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට අත්සන් තැබූ රාජ්‍ය පාර්ශ්වයන්ගේ සමුළුව2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 4 දක්වාවියානාහි පැවැති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාව...

2026 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟයේදීත් රුමේෂ්ට රන් පදක්කම

බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවති 2026 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟයේදී මීටර් 89.04 ක දුරක් විසි කරමින් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ පිරිමි හෙල්ල විසි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img