Monday, September 14, 2026
HomeNEWSමෙරට පළමු තරු 7 හෝටලය ,,අවියානා,, නිර්මාතෘගෙන් තවත් අළුත් වැඩක්.

මෙරට පළමු තරු 7 හෝටලය ,,අවියානා,, නිර්මාතෘගෙන් තවත් අළුත් වැඩක්.

මෙරට පළමු තරු 7 හෝටලය ,,අවියානා,, නිර්මාතෘගෙන් තවත් අළුත් වැඩක්. ශ්‍රී ලංකාවේ පළමු තරු 7 හෝටලයේ නිර්මාතෘ අවියානා හෝටල් සමූහයේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා විසින් පරිසරය සුරැකීම වෙනුවෙන් නව ප්‍රජා සත්කාරක වැඩසටහනක් ආරම්භ කර තිබේ.Breathe (බ්‍රිත්) ව්‍යාපෘතිය යනුවෙන් හඳුන්වන පරිසරය සුරැකීමේ මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරණු ලබන්නේ Breathe Environment & Sustainability පෞද්ගලික සමාගම විසිනි.පරිසර හිතකාමී පුද්ගලයින් වෙනුවෙන්ම හඳුන්වා දෙනු ලබන ප්‍රතිවනරෝපණ සමාජ සත්කාරය Breathe (බ්‍රිත්) ආයතනය මගින් මුළු දිවයින පුරා ජාතික මට්ටමින් රුක් රෝපණ වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.1981 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත වනාන්තර ආවරණය මුළු ඉඩම් වපසරියෙන් 29% ක් පමණ වේ. එම ප්‍රමාණය ආසන්න වශයෙන් හෙක්ටයාර මිලියන 2.1 පමණය. එම ආවරණය ප්‍රමාණය 2019 දී 16.5% ක් දක්වා විශාල පහත බැසීමක් සිදුවී ඇති අතර ඉතා සීඝ්‍රෙයන් අද වනවිටත් මෙම වනාන්තර විනාශය සිදුවෙමින් පවතී. වනාන්තර ප්‍රධාන වශයෙන්ම තෙත් වනාන්තර, වියළි වනාන්තර හා කඳුකර වනාන්තර ලෙස වර්ගීකරණය කළ හැක. වනාන්තර බොහොමයක් කේන්ද්‍රකරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මධ්‍යම හා නිරතදිග ප්‍රදේශවලයි. දිවයිනේ වනාන්තර ආවරණය සඳහා වනජීවී අභයභූමි, ස්වභාවික රක්ෂිත හා ජාතික උද්‍යාන දක්වන දායකත්වය ඉතා වැදගත්ය. සමස්ත වශයෙන් එම සංයෝජනය ආසන්න වශයෙන් හෙක්ටෙයාර මිලියන 1.2 පමණ වේ. වනාන්තර සහ පරිසරය ආරක්ෂා කර ගැනීමෙන් ජෛව විවිධත්වය ආරක්ෂාකරගැනීම, කාලගුණික විපර්යාස අවමකරගැනීම, තිරසාර පරිසර පද්ධතියක් පවත්වාගැනීම, පාංශු ඛාදනය හා කාන්තාරකරණය වළක්වාගැනීම, මානව මෙන්ම සත්ව සංහතියේ සෞඛ්‍ය ආරක්ෂිත බව රැකගැනීම, ආහාර සුරක්ෂිතතාවය, තිරසාර සංවර්ධනය, ආර්ථික ප්‍රතිලාභ, සුන්දර වටපිටාවක් මෙන්ම සංස්කෘතිකමය වටිනාකමක් එකතු වීම දැක්විය හැකි වේ.මෙරට වනාන්තර සහ පැළ ආවරණය දියුණු කරලීම සඳහා ඉතා කැපවීමෙන් කටයුතු කරන Breathe (බ්‍රිත්) ව්‍යාපෘතිය සමඟ පරිසරයට ආදරය කරන ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් 0743276419 සහ 0777278909 යන දුරකථන අංක මගින් විමසිය හැකි බවත් Breathe (බ්‍රිත්) වැඩසටහනෙහි ව්‍යාපෘති ප්‍රධානී ආර්.එම් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img