Monday, September 14, 2026
HomeNEWSරනිල් දේශපාලන වශයෙන් ඝාතනය කිරීමේ අවශ්‍යතාවය පවතින්නේ කාටදැයි වජිර පෙන්වා දෙයි.

රනිල් දේශපාලන වශයෙන් ඝාතනය කිරීමේ අවශ්‍යතාවය පවතින්නේ කාටදැයි වජිර පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (17) දින කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයේදී මාධ්‍යයට කළ ප්‍රකාශයඑක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් 1960 දෙනකු පමණ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබ ඇතැයි බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ 3 වැනි පරිච්ඡේදයේ සඳහන් වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.ජනතා විමුක්ති පෙරමුණ රජයේ දේපළවලට සිදුකරන ලද හානිය බිය උපදවන තරමින් විශාල බව කොමිෂන් සභාව වාර්තාවේ පැහැදිලිවම සඳහන් වන්නේ යැයි ද එජාප සභාපතිවරයා කීය.1987 අගෝස්තු මාසයේ සිට රටේ ආරක්ෂක තත්ත්වය අනුක්‍රමිකව හා අඛණ්ඩව පිරිහී දේශපාලනඥයින්ගේ ජීවිත වලට බරපතල තර්ජනයක් එල්ලවූ බව කොමිෂන් වාර්තාවේ සඳහන් වන්නේ යැයි ද එජාප සභාපතිවරයා සඳහන් කළේය.ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලතම ඉලක්කය වූයේ රජය කරවූ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයින් බවත් සම්ප්‍රදායික වාමාංශික නායකයෝද මෙම තර්ජන වල ඉලක්ක වූ බවත් කොමිෂන් වාර්තාවේ සඳහන් වන්නේ යැයි අබේවර්ධන මහතා කීය.බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ 29 වැනි පිටුවේ සඳහන් කරුණු ගැන අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා තවදුරටත් මෙසේද කීය.VIII වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඊයේ දිනයේදී විශේෂ ප්‍රකාශයක් කළා. විශේෂයෙන් එතුමා සඳහන් කළා එතුමා සාක්ෂිකරුවෙකු වශයෙන් එයට සහභාගී වූ බවත් එතුමාට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1987 පළාත් සභා ක්‍රමය ස්ථාපිත වීමත් සමග එහෙමත් නැතිනම් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග රටේ ඇතිවුණු බරපතල ඛේදජනක තත්ත්වය පාලනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට සම්පූර්ණ වගකීම ලබාදුන් බව. මම දැක්කා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා, මෙම කොමිෂන් සභා වාර්තාව වර්තමාන ජනාධිපතිතුමන්ට ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බවත් එම කොමිෂන් සභා වාර්තාව එතුමා පිළිගන්නා බවත්. මම හිතන්නේ මෙවැනි පසුබිමක අපි සියලු දේශපාලන පක්ෂ කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. උදාහරණයක් විදිහට අපි මේ කොමිෂන් සභා වාර්තාවේ උපුටා ගැනීම් දෙස බැලුවොත්, 1971 අප්‍රේල් කැරැල්ල, 1987, 1988, 1989 වකවානුවේ සිදුවූ සිදුවීම් මාලාව පිළිබඳ විශේෂ විග්‍රහයක් මේ පිටු එකසිය ගණනක සටහන් වී තිබෙනවා. දැන් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ කල්පනාවෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. පළමුව 1971 දී මෙවැනි තත්ත්වයක් සමාජයට පුරුදු පුහුණු කළා. මේ කාලයේදී පොලිසිවල තිබුණු අවි ආයුධ පැහැරගැනීම සිදුවුණා. බැංකු මංකොල්ලකෑම් සිදුවුණා. ජනතාවගේ මුදල් බලහත්කාරයෙන් ගැනීම සිදුවුණා. කැරැල්ලකට අවශ්‍ය පෙරහුරුව සිදුකරමින් අපේ සමාජයට ඉතිහාසයේ පළවැනි වතාවට මෙවැනි පසුබිමක් නිර්මාණය කර දුන්නා. එහි ඊළඟ ප්‍රතිඵලය හැටියට 1987, 1988, 1989 වකවානුව තුළ නැවතත් අවි ආයුධ තිබෙන සමාජයක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට ඔවුන් පුරෝගාමීත්වය ලබාදුන්නා. මේ තත්ත්වයම උතුරු නැගනෙහිරත් LTTE සංවිධානය විසින් ආරම්භ කර සියලු දේශපාලන පක්ෂ මර්ධනය කිරීම සිදුවුණා. බොහෝ ද්‍රවිඩ දේශපාලන නායකයින් ඝාතනය කිරීම සිදුවුණා. ඒ වගේම ද්‍රවිඩ දේශපාලන පක්ෂ සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සඳහා ක්‍රියා කළා. දකුණෙත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා සමසමාජ පක්ෂය ඇතුළු දස දහස් ගණනකගේ ජීවිත දේශපාලන වශයෙන් විනිශ කිරීම සිදුවුණා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 1960 දෙනෙකු පමණ ඝාතනය කරනු ලැබු බව (3 වැනි පරිච්ඡේදය-සිංහල-29 වැනි පිටුව)ඇස්තමේන්තු කර ඇතැයි කොමිසම කියනවා. ඔවුන් අතර අනුගාමීව තනතුරු ලැබූ එක්සත් ජාතික පක්ෂ ලේකම්වරු දෙදෙනෙක් වන හර්ෂ අබේවර්ධන ( 1987.12.21 වන දින ඝාතනය කෙරිණි) හා නන්දලාල් ප්‍රනාන්දු යන මහත්වරුන්ද, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික දෙනෙක් ද වූ බව කොමිෂන් වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා.මොවුන්ගේ ප්‍රහාරවලට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ද ඉලක්ක වූ බවත් එවකට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා ගැන රහස් තොරතුරු එක්රැස් කිරීමේ නිරතව සිටි පොලිස් අධිකාරී ක්ලැරන්ස් පෙරේරා මහතා ජනතා විමුත්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබූ බවත් බටලන්ද කොමිසම් වාර්තාවේ දැක්වෙනවා.බට ලන්ද කොමිෂන් වාර්තාවේ මෙසේද සඳහන්ව තිබෙනවා.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බෙනට් පෙරේරා මහතා ද (මොහු කඩාකප්පල් කාරී ක්‍රියා විමර්ශන කිරීම ගැන උනන්දුවක් දැක්වු නිලධාරියෙකි) ඝාතනය කෙරුණා. රජයේ දේපළවලට සිදුකරන ලද හානිය බිය උපදවන තරමින් විශාලය. පර්යන්ත ප්‍රදේශවල පිහිටි රජයේ ආයතන ගිනි බත් කරන ලදී. තවත් සැළකිය යුතු ලක්ෂණයක් වූයේ රජයේ සංවිධාන තුළ මැනවින් සංවිධානය කරන ලද වැඩ වර්ජන පැවැත්වීමය.අත්‍යවශ්‍ය සේවා අක්‍රීය තත්ත්වයටම වාගේ පත්කළ එක් වැඩ වර්ජනයක් නම් ජාතික ප්‍රවාහන සේවකයින් විසින් දියත් කළ වැඩ වර්ජනයයි. තවත් නොයෙක් රජයේ ආයතන වල අනුක්‍රමයෙන් වැඩ කටයුතු නතර විය. මෙය සිදුවුයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (D.J.V.) නමින් හැඳිවුනු සංවිධානයක් විසින් එම ස්ථාන වලට යැවුනු තුණ්ඩු කෑල්ලකින් දුන් නියෝග සමගය. මෙම වැඩවර්ජන සමඟ එම සංවිධානය විසින්ම ප්‍රකාශයට පත් කරන ලදැයි කියැවුණු ඇත්ත වශයෙන් වූ ඇඳිරි නීති නියෝගද ක්‍රියාත්මක විය.දැන් නැවත මේ තත්ත්වයන් හරා ඇවිස්සීමට දේශපාලන පක්ෂ ක්‍රියා කළහොත් නැවත මෙවන් සිදුවීමක් සිදුවීමට උඩගෙඩි ලබාදීමක් හැටියටයි මට පෙනෙන්නේ. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ මීට වඩා වගකීමෙන් සහ කල්පනාවෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපතිධූරයෙන් පිටවූවාට පස්සේ එතුමා ඉතා පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී කටයුතු කළමණාකාරීත්ව මණ්ඩලයට පවරමින් අපි කුමක් ප්‍රකාශ කළත් එතුමා ප්‍රකාශ කළේ, මම දැන් ජනාධිපතිවරයා හැටියට මගේ වැඩකටයුතු අවසන් කරලා මම රට දෙස බලාගෙන ඉන්නවා කියලා. කොහොම නමුත් මට තේරෙන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මේ අය මෙච්චර බය ඇයි කියලා. 1994 න් පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාව දේශපාලන වශයෙන් ඝාතනය කිරීමට තමයි බටලන්ද කොමිෂන් සභාව පිහිටෙව්වේ. එය සම්පූර්ණයෙන්ම දේශපාලන වශයෙන් පළිගැනීමේ ක්‍රියාවලියක්. මේ වාර්තාව පිළිගැනීම ගැන ඇත්තවශයෙන්ම මමනම් සතුටු වෙනවා. මොකද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙය පිළිගත්තා කියන්නේ එහි සඳහන් වෙන කරුණු සියල්ලම පිලිගත්තා කියන එකයි. ඒ නිසා මම හිතනවා මේ ගැන මීට වඩා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. මේ යුගය මට හොඳට මතකයි. උදාහරණයක් විදිහට 1987 දී පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ තරුණයෙක් ලෙස මට මතකයි මම කොළඹින් ගාල්ල බලා පිටත් වුණොත් අවම වශයෙන් මෘතදේහ 10 කට 15 කටවත් වැඳ නමස්කාර කරලා තමයි ගාල්ලට ළඟා වෙන්නේ. මම සහභාගී වූ අවමගුල් උත්සව සංඛ්‍යාව විශාල ප්‍රමාණයක්. ඒ කාලයේ කිසිකෙනෙක් අවමගුල් උත්සව සඳහා සහභාගී වන්නේ නැහැ. මගේ දිස්ත්‍රික්කය ගත්තොත් දිසා ඇමතිව සිටි ජී. වී. එස්. ද සිල්වා දිසා ඇමතිවරයා සිල් පවරාණය කිරීමට විහාරස්ථානයට යන අතරමග ඉමදුවේ දී වෙඩි තබා ඝාතනය කිරීම, එවකට දකුණේ මහ ඇමතිව සිටි එම්.එස්. අමරසිරි මහතාගේ භාර්යාව වෙඩි තබා ඝාතනය කිරීම, එවකට ගාල්ල දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ රංජිත් කුමාරගේ මහතාට වෙඩි තබා ඔහු මරුමුවෙන් බේරුනත් ඔහුගේ භාර්යාව එම ස්ථානයේ මිය යාම, ඒ විතරක් නෙමෙයි කිලෝ 100 ක පමණ බෝම්බයක් දකුණු පළාත් සභාවේ පුපුරවා හැරියා. මේ වගේ විශාල විනාශයන් ප්‍රමාණයක් මුළු ශ්‍රී ලංකාවේ අපේ මතකයෙන් සඳහන් කරන්නට පුළුවන්. මම කණගාටු වෙනවා මෙවැනි දේවල් නැවත මතක් කිරීමට සිදුවීම ගැන. මෙය නතර කරගැනීම සියලු දේශපාලන පක්ෂවලට වැදගත්. එසේ නොමැති නම් අපි නැවත කුළල් කා ගත් සමාජයක් හැටියට විනාශවන ජාතියක් හැටියට පත්වේවී. ඒ වගේම කොමිශන් වාර්තාවේ දැක්වෙන කරුණු අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කිසිඳු චෝදනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ඔහුට තිබුණු එකම චෝදනාව වූයේ නිවාස ලබාදීම පමණයි. මේ නිවාස ලබාදීම ශ්‍රී ලංකාව පුරා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතන එසේ නොමැතිනම් පෞද්ගලික ආයතන හදිසි නීතිය යටතේ සහ ඇඳිරී නීතිය යටතේ අත්පත් කරගැනීම පමණක් බව මා මේ අවස්ථාවේදී සිහිපත් කිරීමට කැමතියි. එක්සත් ජාතික පක්ෂ සභාපති,හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනමාධ්‍ය ඒකකය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img