Tuesday, September 22, 2026
HomeNEWSමෙරට වැඩිම දෛනික ආසාදිතයින් වාර්තා වේ

මෙරට වැඩිම දෛනික ආසාදිතයින් වාර්තා වේ

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 997 දෙනෙකු ඊයේ (27) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මීට පෙර මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 976 දෙනෙකු හඳුනා ගැනුණේ පසුගිය පෙබරවාරි මස 09 වනදා ය.

ඊයේ (26) දිනයේ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාවත් සමග මේ වනවිට මෙරටින් හමුවූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 102,376ක්.

ඉන් ආසාදිතයින් 94,577ක් සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

රෝගීන් 7,152 දෙදෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඊයේ දිනයේ හඳුනා ගැනුණු ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 944 දෙනෙකු සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 08 දෙනෙකු සිටී.

විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 45 දෙනෙකු ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර තවත් කොවිඩ් අසාදිත මරණ 03ක් ඊයේ වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 647 දක්වා ඉහළගොස් ඇත.

ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් දිස්ත්‍රික්ක 24 කින් වාර්තා වී තිබුණි.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 173කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 170 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 74 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වී තිබුණි.

කොවිඩ් 3වන රැල්ලේ දැඩි බලපෑමක් එල්ල වී ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 49 දෙනෙකු පමණක් හඳුනාගෙන ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇත්තේ ද ආසාදිතයින් 22ක් පමණි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ ආසාදිතයින් 92ක් හඳුනාගෙන ඇති බව සඳහන් කරන කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මොනරාගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 86 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන් කරයි.

මීට අමතරව මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 66ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 59ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32ක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25ක් නුවරඑළිය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 22 බැගින් හඳුනාගෙන තිබේ.

ඊට අමතරව මන්නාරම, කෑගල්ල, අම්පාර, අනුරාධපුරය, වව්නියාව, මහනුවර, රත්නපුර, යාපනය, පොළොන්නරුව, මඩකලපුව, කිළිනොච්චිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් 20 දෙනෙකුට අඩු සංඛ්‍යාවක් හදුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...

ස්වාධීනව සිතන, නිර්භීත තරුණ පරපුරක් මේ රටේ අනාගතය ගොඩ නඟයි – දිලිත් ජයවීර

ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පසුගියදා එහි පැවැති “Young Diplomats Model united nations...

22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක ප්‍රකාශ කරයි

22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන අතර, එය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකි බව, ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දන්වයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img