Friday, July 31, 2026
HomeNEWSලැබීමට ඇති හිඟ බදු මුදල් සම්බන්ධයෙන් මාස 02 ත් 05 ත් අතර...

ලැබීමට ඇති හිඟ බදු මුදල් සම්බන්ධයෙන් මාස 02 ත් 05 ත් අතර වාර්තාකරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වයි.

ලැබීමට ඇති හිඟ බදු මුදල් සම්බන්ධයෙන් මාස 02 ත් 05 ත් අතර  වාර්තාකරන ලෙස  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කිසිඳු ගැටලුවක් නොමැතිව අය කළ හැකි හිඟ බදු මුදල් ප්‍රමාණය සහ, අය කර ගත හැකි නමුත් ගැටලු පවතින හිඟ බදු මුදල් ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් මාස 02 ත් 05 ත් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු, Legacy පද්ධතියට අදාළව කිසිදු ගැටලුවක් නොමැතිව අයකළ හැකි බදු මුදල් ප්‍රමාණය මෙන්ම, අය කර ගත හැකි නමුත් ගැටලු පවතින ආයතන පිළිබඳව මාස 02 ක් ඇතුළත වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස මෙම කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරීය මහත්මිය එම දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නාය.

එමෙන්ම RAMIS පද්ධතියට අදාළවද කිසිදු ගැටලුවක් නොමැතිව අයකළ හැකි බදු මුදල් ප්‍රමාණය මෙන්ම, අය කර ගත හැකි නමුත් ගැටලු පවතින ආයතන පිළිබඳව මාස 05 ක් ඇතුළත වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස ද ඇය එම දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් දැනුම් දුන්නාය.

Legacy පද්ධතියට අනුව 2021.03.30 ට හඳුනා ගත් ආයතනවලට අදාළ හිඟ බදු ලෙස රුපියල් බිලියන 18 ක් හඳුනා ගෙන තිබුණු අතර, එය 2020 ජූනි 30 දිනට අයකළ හැකි මුළු හිඟ ආදායම වූ රුපියල් බිලියන 107 හා සැසඳීමේ දී සියයට 17 ක ප්‍රතිශයක් බවද කාරක සභාවේදී අනාවරණය විය.

RAMIS පද්ධතියට අනුව 2021.03.30 ට හඳුනා ගත් ආයතනවලට අදාළ හිඟ බදු ලෙස රුපියල් බිලියන 87 ක් හඳුනා ගෙන තිබුණු අතර, එය 2020 ජූනි 30 දිනට අයකළ හැකි මුළු හිඟ ආදායම වූ රුපියල් බිලියන 183 හා සැසඳීමේ දී සියයට 47.5 ක ප්‍රතිශයක් බවද කාරක සභාවේදී හෙළි විය.

Legacy පද්ධතියට අදාළව අය කර ගත යුතු සියලු හිඟ මුදල් කඩිනමින් අය කර ගෙන එම පද්ධතියේ කටයුතු අවසන් කිරීමට ක්‍රියා කළ යුතු බවද කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැන්වීය. 

හිඟ බදු අයකර ගැනීමට අදාළව අධිකරණවල පවතින නඩු කටයුතු කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මීට පෙර කාරක සභාව දන්වා තිබූ අතර, එහි ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරිණි.

 එහිදී අධිකරණ අමාත්‍යාංශය කාරක සභාවට  දැන්වූයේ විෂය ගත කරුණ පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ජා කර ඇති බවත්, හිඟ බදු අයකර ගැනීමට අදාළව අධිකරණවල පවතින නඩු කඩිනමින් විභාග කිරීමට නිසි යාන්ත්‍රණයක් සැකසෙන බවත් ය. 

බඳු ගෙවන්නන්ගෙන් අය විය යුතු හිඟ බඳු හා දඩ මුදල් පිළිබඳ විශේෂ විගණන වාර්තාව සම්බන්ධයෙන් 2021 ජනවාරි 06 වැනි දින හා 2021 මාර්තු 10 දින පැවැති සාකච්ජාවන් හි ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට අද පැවැති මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  තිස්ස අත්තනායක , නිරෝෂන් පෙරේරා, වෛද්‍ය උපුල් ගලප්පත්ති, බී.වයි.ජී රත්නසේකර  යන මහත්ම මහත්මීන් සහභාගි විය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img