Monday, September 21, 2026
HomeNEWSරාජතාන්ත්‍රික නිලධාරීන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ...

රාජතාන්ත්‍රික නිලධාරීන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. 

යුරෝපා සංගමයේ තානාපති Denis Chaibi,  ප්‍රංශ තානාපති Mr, Eric Lavertu, ඉතාලි තානාපතිනි Ms, Rita giuliana Mannella, ජර්මන් තානාපති Mr, Holger Seubert,රොමේනියානු තානාපති Mr, Victor chiujdea යන රාජතාන්ත්‍රික නිලධාරීන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද(27) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. 

වර්තමානයේ පවත්නා කොරෝනා ව්‍යසනය අබියස ලෝකය මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයත්,ඊට සමගාමීව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වයත් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර මෙම ව්‍යසනය කළමනාකරණයේ දී  ඇතිවී තිබෙන දුර්වලතා පිළිබඳවද අවධානය යොමු කරනු ලැබීය .
ආණ්ඩුව විසින් දියත්කොට ඇති මර්ධනකාරී වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුකළ අතර විපක්ෂ සහ සමගි ජනබලවේගය ලෙස ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබීය.

මානව,සිවිල්,ආර්ථික,සමාජයීය,දේශපාලන ,ආගමික ,සංස්කෘතික අයිතිවාසිකම් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවූ අතර මෙරට  විකල්ප ආණ්ඩුව ලෙස සමගි ජන බලවේගය එකී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවෙන බවද විපක්ෂ නායකතුමා මෙහිදී පැවසීය .

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img