Saturday, September 26, 2026
HomeNEWSමෙරට සුභාවිත ගීත ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් කළ ආනන්ද ගනේගොඩ අභාවප්‍රාප්ත වෙයි

මෙරට සුභාවිත ගීත ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් කළ ආනන්ද ගනේගොඩ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකික සංගීත කලා ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් වූ ‘සින්ග්ලංකා’ සමාගමේ නිර්මාතෘ ආනන්ද ගනේගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ආනන්ද ගනේගොඩ යනු මෙරට සුභාවිත ගීතය පුනර්ජීවනයට සහ සංවර්ධනයට විශාල මෙහෙවරක් කළ ප්‍රවීණ කලාකරුවෙකු වේ.

මෙරට සංගීත ශිල්පීන් සහ නිර්මාණකරුවන් සමඟ සමීපව කටයුතු කළ ඒ මහතා, ඔවුන්ගේ ගීත නිර්මාණකරණයේ ස්වාධීනත්වය, ගුණාත්මකභාවය සහ ආර්ථික සුබසාධනය සඳහා ‘සින්ග්ලංකා’ කැසට් නිෂ්පාදන ආයතනය ආරම්භ කිරීමට පියවර ගත්තේය.

1980 වසරේදී නන්දා මාලනී, ඩබ්ලිව් ඩී අමරදේව ඇතුලු ප්‍රධාන පෙළේ ගායන ශිල්පීන්ගේ ගීත ඇතුළත් කැසට් පට 25ක් එකවර ජනගත කරමින් ඔහු මෙරට කැසට් කලාවට මුල පිරුවේය.

ඒ හරහා ඔහු මෙරට ගීත කලාවට දායාද කර ඇති ගීත සංඛ්‍යාව, 2000 ඉක්මවයි.

කෙසේවෙතත් ගුවන්විදුලියට පසුව මෙරට රසික රසඥතාවට ගෞරව කරමින් උසස් නිර්මාණ ජනගත කළ ගීත නිෂ්පාදන ආයතනය ලෙස ‘සින්ග්ලංකා’ ආයතනය ක්ෂේත්‍රයේ ඇගයීමට ලක්විය.

එමෙන්ම ආනන්ද ගනේගොඩ මහතා මෙරට ප්‍රමුඛපෙළේ ව්‍යාපාර ජාලයක සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

ඔහුගේ දේහය දැනට අංක 179/2, ටෙම්ප්ලර්ස් පාර, ගල්කිස්ස යන ලිපිනයේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවසේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු සිදුවන දිනය සහ වේලාව ඉදිරියේදී දැනුම්දීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් පසු නේවාසික රෝගීන් පිරිසක් පොළොන්නරුව මහ රෝහලට මාරු කෙරේ

පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත. එමෙන්ම මෙම සිද්ධිය...

හිටපු නි. අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

දිවංගත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ වන ශෙරින් තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වූ ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ඉරිදා (27) දින, මතුගම...

පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමක්

පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත. එමෙන්ම මෙම සිද්ධිය...

2025 සා.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 වසරට අදාළව පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විභාග...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img